2026 වසරේ මුල් භාගය තුළ චීනයේ සුවිශේෂ නවීන ව්‍යවසායන් 561,000කට වැඩි සංඛ්‍යාවක් ස්ථාපිත කර ඇති බව චීන රාජ්‍ය පරිපාලනය පවසයි. ඒ චීනයේ “නැගී එන කර්මාන්ත අටක් + අනාගත කර්මාන්ත නවයක්” යන ව්‍යාපෘතිය යටතේ සිදු වූ ස්ථාවර සංවර්ධනය හේතුවෙනි.
මේ අතර, උත්පාදක කෘත්‍රිම බුද්ධි ක්ෂේත්රයේ නව ව්‍යවසායන් 55,000ක් ස්ථාපිත කර ඇති අතර, එය ගිය වසරේ සමාන කාලයට සාපේක්ෂව 28.0%ක වැඩිවීමක් බව චීනයේ වෙළඳපොළ නියාමනය සඳහා වන රාජ්‍ය පරිපාලනය නිකත් කළ දත්තවලින් පෙන්වා දී ඇත. මානවරූපී රොබෝ ක්ෂේත්රයේ නව ව්‍යවසායන් 116,000ක් ස්ථාපිත කර තිබේ. එයින් 9.5%ක වැඩිවීමක් සනිටුහන් කෙරේ. චීනයේ නව කර්මාන්ත, වේගයෙන් රටේ නව ආර්ථික වර්ධන ලක්ෂ්‍යයන් බව පත්වෙමින් පවතින බව විචාරකයින් පෙන්වා දී ඇත.
