ඉබෝලා රෝගයට එරෙහි චීනයේ තුන්වන වෛද්‍ය විශේෂඥ කණ්ඩායම ඊයේ (2) කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ කින්ෂාසා අගනුවරට පැමිණියහ. ඒ එහි පවතින වසංගත තත්ත්වය පාලනය කිරීමට සහාය ලබා දීම සඳහායි.
පසුගිය ජූලි 31 වැනිදා දක්වා, කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ මෙවර ඉබෝලා වසංගතය අතරතුර ආසාදිතයන් 3,674ක් සහ මරණ 1,621ක් වාර්තා වී ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය ඊයේ (1) නිවේදනය කළේය. මෙවර වසංගතය කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ වාර්තා වූ විශාලතම ඉබෝලා වසංගතය බව ලෝක සෞඛ්‍ය සංවිධානය එදිනම ප්‍රකාශ කර ඇත.
