2026 ලෝක කෘත්‍රිම බුද්ධි සම්මේලනය සහ ගෝලීය කෘත්‍රිම බුද්ධි තාක්ෂණයේ ගෝලීය පාලනය පිළිබඳ ඉහළ මට්ටමේ රැස්වීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ සමුළුවක් පැවැත්වේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීන ස්ථාවර නියෝජිත කණ්ඩායමේ ප්‍රධානත්වයෙන් එම සමුළුව පසුගියදා(31) එක්සත් ජාතීන්ගේ නිව්යෝර්ක් මූලස්ථානයේදී පැවැත්විණ.
එම සම්මේලනයේ හා රැස්වීමේ සමාරම්භක උත්සවයේදී චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ගෝලීය කෘත්‍රිම බුද්ධි පාලන පද්ධතිය, ජනතාව කේන්ද්‍ර කර ගැනීම සහ කෘත්‍රිම බුද්ධි තාක්ෂණය පොදු යහපත උදෙසා යොදා ගැනීම යන මූලධර්ම, ගෝලීය දකුණේ රටවල් අතර පවතින පරතරය පියවීම, ලෝක කෘත්‍රිම බුද්ධි තාක්ෂණික සහයෝගිතා සංවිධානයක් පිහිටුවීම සහ එක්සත් ජාතීන්ගේ ගෝලීය කෘත්‍රිම බුද්ධි පාලන ක්‍රියාවලියට සහාය වීම යන කරුණු සම්බන්ධයෙන් යෝජනාවලියක් ඉදිරිපත් කර ඇත. ඒ හරහා ගෝලීය කෘත්‍රිම බුද්ධි පාලනයට වැදගත් දායකත්වයක් ලබා දී ඇතැයි ද Fu Cong මහතා ප්‍රකාශ කළේය.
විවෘතභාවය, අන්‍යෝන්‍ය වාසිදායක සහයෝගීතාව මෙන්ම පුළුල් සාකච්ඡා, ඒකාබද්ධ දායකත්වය සහ ප්‍රතිලාභ බෙදාගැනීම යන මූලධර්මවලට අනුකූලව, ගෝලීය කෘත්‍රිම බුද්ධි තාක්ෂණය පාලනයේ අනාගතය පිළිබඳව සාකච්ඡා කිරීමට සහ සැලසුම් කිරීමට එක්සත් ජාතීන්ගේ පුළුල් වේදිකාව තුළ චීනය සියලු පාර්ශ්වයන් සමඟ කටයුතු කරනු ඇති බව ද ඔහු අවධාරණය කර ඇත.
