‘උයිගුර් බලහත්කාර ශ්‍රමය වැළැක්වීමේ පනත’ යටතේ චීන සමාගම් 40කට වැඩි ප්‍රමාණයක් සම්බාධක ආයතන ලැයිස්තුවට එක් කරන බව ඇමරිකා ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව ඊයේ(31) නිවේදනය කළේය. මේ සම්බන්ධයෙන් චීන වාණිජ අමාත්‍යාංශය රටේ ස්ථාවරය පැහැදිලි කර ඇත.
ඇමරිකාවේ එම පියවර සම්පූර්ණයෙන්ම පදනම් විරහිතය. ෂින්ජ්‍යං ප්‍රදේශය ස්ථාවර සමාජයක් හා සමෘද්ධිමත් ආර්ථිකයක් පවතින, ප්‍රීතිමත් මෙන්ම තෘප්තිමත් ජනගහනයක් ජීවත් වන ප්රදේශයකි. එහි කිසිදු ආකාරයකින් “බලහත්කාර ශ්‍රමය” යෙදවීමක් නොමැත. ඇමරිකාව “මානව හිමිකම්” සහ “බලහත්කාර ශ්‍රමය” යන මුවාවෙන් සිය දේශීය නීති මත පදනම්ව චීන සමාගම් මත ඒකපාර්ශ්වික සම්බාධක පැනවීම, ආර්ථික බලහත්කාරී ක්‍රියාවකි.
ෂින්ජ්‍යං ප්‍රදේශයට අවමන් කිරීම හා චීන සමාගම් අසාධාරණ ලෙස මර්දනය කිරීම කඩිනමින් නතර කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටී. සිය ව්‍යවසායන්හි නීත්‍යනුකූල අයිතිවාසිකම් ස්ථිරව ආරක්ෂා කිරීමට චීනය අවශ්‍ය පියවර ගනු ඇතැයි ද චීන වාණිජ අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත.
