අමෙරිකාවේ මිත්‍ර රටක් වන ඊජිප්තුවේ මධ්‍යධරනී වෙරළ තීරයේ පිහිටි ඩමියෙටා වරායට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී ඇති අතර, අමෙරිකාවට අයත් ද්‍රව වායු නෞකාවක් ඇතුළු නෞකා 2ක ගින්නක් ද හටගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉරාන යුද්ධය ආරම්භ වීමෙන් පසු ඊජිප්තුව ඉලක්ක කරමින් ප්‍රහාරයක් සිදුවූ පළමු අවස්ථාව මෙය වන අතර, එම ඩ්‍රෝන ප්‍රහාරය ඉරාන පාර්ශ්වයෙන් එල්ලවූ බවට මෙතෙක් අනාවරණය නොවූ බව එරට බලධාරින් ප්‍රකාශ කර තිබේ. ප්‍රහාරයෙන් ජීවිත හානි සිදු නොවූවද, වරායේ ගෑස් ගබඩා පර්යන්තයට හානි සිදුවී ඇතැයි වාර්තා වේ. ඊජිප්තු ඛණිජ තෙල් අමාත්‍යාංශය නිවේදනය කර ඇත්තේ කඩිනම් ප්‍රතිචාර දැක්වීමේ සැලසුමට අනුව තත්ත්වය පාලනය කිරීමට සමත්වූ බවය. වරායේ ගින්නට හේතුව ඩ්‍රෝන ප්‍රහාරයක් බව මූලික පරීක්ෂණයේදී අනාවරණය වූ බවත්, එම ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු පාර්ශ්වයක් භාරගෙන නැති බවත් ඊජිප්තු අමාත්‍ය මණ්ඩලය නිවේදනය කර තිබේ. ගින්න හටගැනීමත් සමඟ නෞකාවල සේවක පිරිස ඉවත් කිරිමට බලධාරින් පියවර ගෙන ඇති අතර, ප්‍රහාරය සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ පවත්වන බව ඊජිප්තු ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.
- July 31, 2026
0
13
Less than a minute
You can share this post!
administrator
