වසරේ මුල් භාගයේ දී චීනය නිකුත් කළ වාණිජ සහතික පත්‍ර සංඛ්‍යාව 9.64%කින් ඉහළට

වසරේ මුල් භාගයේ දී චීනය නිකුත් කළ වාණිජ සහතික පත්‍ර සංඛ්‍යාව 9.64%කින් ඉහළට

මේ වසරේ මුල් භාගයේදී චීනය නිකුත් කළ වාණිජ සහතික පත්‍ර සංඛ්‍යාව ඉහළ යයි. විදේශ වෙළඳාම ප්‍රවර්ධනය සඳහා වන චීන කවුන්සිලය අද (31) ‍පෙරවරුවේ පැවැත්වූ මාධ්‍ය හමුවේදී අදාළ තොරතුරු හඳුන්වා දී තිබේ. මේ වසරේ මුල් මාස හය තුළ විදේශ වෙළඳාම ප්‍රවර්ධනය සඳහා වන චීන කවුන්සිලය නිකුත් කළ නිෂ්පාදන ප්‍රභව සහතික පත්‍ර, වසරක වලංගු කාලය ඇති තීරුබදු රහිත අපනයන සහතික ඇතුළු වාණිජ සහතික පත්‍ර සංඛ්‍යාව හතලිස්දෙලක්ෂ හැටතුන්දහස් හත්සීයකි. එය 2026 වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 9.64%ක වර්ධනයක් වාර්තා කරයි.

විදේශ වෙළඳාම ප්‍රවර්ධනය වෙනුවෙන් චීන රජය ක්‍රියාත්මක කළ ප්‍රතිපත්ති තුළින් මෙන්ම අත්සන් තැබුණු කලාපීය නිදහස් වෙළඳ ගිවිසුම් මගින් ද ලාභදායී ප්‍රතිඵල ලබාගෙන ඇතැයි විදේශ වෙළඳාම ප්‍රවර්ධනය සඳහා වන චීන කවුන්සිල ප්‍රකාශිකා යං ‍ෆ්අන් මහත්මිය එහිදී පැවසුවාය. මෙවන් පසුබිමක චීන විදේශ වෙළඳ ව්‍යාවසායන් සෙසු රටවලදී නව වෙළඳපොල ව්‍යාප්ත කරමින් සිටී.  චීනය සමග විදේශ වෙළඳ සම්බන්ධතා පවත්වන රටවල් සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව ද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *