පාකි­ස්තා­නයේ 107ක් ගංව­තු­රට බිලි

පාකි­ස්තා­නයේ 107ක් ගංව­තු­රට බිලි

පාකි­ස්තා­න­යට ඇද හැලෙන අධික වර්ෂාව සහ ගංව­තුර තත්ත්වය හේතු­වෙන් මාස­යක් ඇතු­ළත අවම වශ­යෙන් පුද්ග­ල­යන් 107 දෙනකු ජීවි­ත­ක්ෂ­යට පත්ව ඇතැයි එරට ජාතික ආපදා කළ­ම­නා­ක­රණ අධි­කා­රිය ප්‍රකාශ කළ බව එරට ඩෝන් පුවත් සේවය වාර්තා කළේය. පසු­ගිය ජූනි මාසයේ අග­භා­ගයේ සිට පාකි­ස්තා­න­යට බලපා ඇති මෝසම් වැසි තත්ත්වය ඉදිරි දින කිහි­ප­යේදී තව­දු­ර­ටත් පව­තිනු ඇතැයි ද අනා­වැකි පළ වී තිබේ.

වර්ෂාව හේතු­වෙන් සිදුවූ විවිධ අන­තු­රු­ව­ලින් තවත් පුද්ග­ල­යන් 344 දෙනකු තුවාල ලබා ඇතැයි ද ඩෝන් පුවත් සේවය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. පසු­ගි­යදා පන්ජාබ් ප්‍රාන්ත­යෙන් මරණ 7ක් සහ කයි­බර් පක්ටුන්ක්වා ප්‍රාන්ත­යෙන් මරණ 3ක් වාර්තා වී ඇති බවත් ජාතික ආපදා කළ­ම­නා­ක­රණ අධි­කා­රිය නිවේ­ද­නය කර ඇති අතර, නිවාස කඩා වැටීම්, දියේ ගිලීම සහ විදුලි සැර වැදීම වැනි වර්ෂාව ආශ්‍රිත අන­තු­රු­ව­ලින් එම මරණ සිදුවී තිබේ.

පාකි­ස්තා­නයේ දෙවැනි විශා­ල­තම නග­රය වන ලාහෝර් හී අව­තැ­න්වූ­වන් වෙනු­වෙන් සහ­නා­ධාර කඳ­වුරු 17ක් ස්ථාපිත කර ඇති අතර, වැසි තත්ත්වය ඉහළ යෑමේ අව­දා­නම මත තවත් සහ­නා­ධාර කඳ­වුරු ඉදි කිරී­මට බල­ධා­රීන් පිය­වර ගෙන තිබේ. පන්ජාබ් වාරි­මාර්ග දෙපා­ර්ත­මේ­න්තුව සඳ­හන් කර ඇත්තේ ලාහෝර් සහ ගුජ­ර­න්වාලා පළා­ත්වල පරි­පා­ලන කොට්ඨාස පුරා වර්ග කිලෝ­මී­ටර් 400ක් පමණ ජල­යෙන් යටවී ඇති බවය.

පන්ජාබ් ප්‍රාන්තය පුරා හදිසි සහ­නා­ධාර කණ්ඩා­යම් යොදවා ඇති බවත්, ගංව­තුර බැස­යෑ­මට සැලැ­ස්වීම සඳහා එම කණ්ඩා­යම් සක්‍රි­යව කට­යුතු කර­මින් සිටින බවත් ප්‍රාන්ත මහ­ඇ­මැ­ති­නිය මරි­යම් ෂරීෆ් ප්‍රකාශ කර තිබේ.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *