චීන ජනපති ශංහයි නගරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙයි

චීන ජනපති ශංහයි නගරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙයි

ජනතා කේන්ද්‍රීය නගර පාලන සංකල්ප තහවුරු කරමින් නගර ප්‍රතිසංස්කරණ කටයුතු ඉහළ මට්ටමින් සිදු කිරීමේ අවශ්‍යතාව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා පෙන්වා දෙයි. හෙතෙම මෙම උපදෙස් දී ඇත්තේ ඊයේ(15) ශංහයි නගරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වන අතරතුරය.

අද පස්වරුවේ, ෂී ජින්පිං මහතා එහි Huangpu දිස්ත්‍රික්කයේ පිහිටි, 1950 දශකයේ ඉදි කළ පැරණි නේවාසික ප්‍රදේශයකට පැමිණියේය. එම නේවාසික ස්ථානයේ යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ විමසා බලමින්, එහි නඩත්තු කටයුතු හා සේවා සැපයීමේ මට්ටම් අඛණ්ඩ ව ඉහළ නැංවිය යුතු බවටත් ජනතාවගේ අපේක්ෂාවන් ඉටු කිරීම සඳහා කැපවීමෙන් කටයුතු කළ යුතු බවටත්  උපදෙස් දුන්නේය.

ඉන් පසු, හෙතෙම එම නේවාසික ස්ථානයේ චීන කොමියුනිස්ට් පක්ෂය කේන්ද්‍ර කරගත් මහජනතාව වෙත දෛනික සේවා සැපයීමේ මධ්‍යස්ථානයට පැමිණියේය.  එහිදී නේවාසික ජනතාව සහ නිලධාරීන් සමග සුහද පිළිසඳරක ද නිරත විය. කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ, නේවාසික ස්ථාන‍ය හා එහි ජනතාව වෙනුවෙන් එදිනෙදා ජීවිතයට අවශ්‍ය පහසුකම් සැපයීමේ කටයුතු සම්බන්ධීකරණය කර, ජනතාවගේ අවශ්‍යතා නිසි පරිදි සපුරාලන්නැයි ෂී ජින්පිං මහතා එහිදී ඉල්ලීමක් කර තිබේ.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *