2026 ලෝක කෘත්‍රිම බුද්ධි සමුළුව පිළිබඳව චීන විදේශ අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්

2026 ලෝක කෘත්‍රිම බුද්ධි සමුළුව පිළිබඳව චීන විදේශ අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්

2026 ලෝක කෘත්‍රිම බුද්ධි සමුළුව සහ කෘත්‍රිම බුද්ධි ගෝලීය පාලනය පිළිබඳ උසස් පෙළේ සමුළුව සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යාංශය පැහැදිලි කිරීමක් සිදු කරයි. එහි ප්‍රකාශක Lin Jian මහතා ඊයේ(13) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළේය.

2026 ලෝක කෘත්‍රිම බුද්ධි සමුළුව සහ කෘත්‍රිම බුද්ධි ගෝලීය පාලනය පිළිබඳ උසස් මට්ටමේ සමුළුව එළඹෙන 17වැනිදා සිට 20වැනිදා දක්වා චීනයේ Shanghai නගරයේදී පැවැත්වීමට නියමිතය. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එම සමුළුවේ සමාරම්භක උත්සවයට සහභාගී වී දේශනයක් පවත්වමින් කෘත්‍රිම බුද්ධි සංවර්ධනය සහ පාලනය පිළිබඳ චීනයේ ප්‍රතිපත්ති, ස්ථාවරය හා සංකල්පය සම්පූර්ණයෙන් පැහැදිලි කරනු ඇති බවද  Lin Jian මහතා එහිදී පැවසීය. එම සමුළුවට සහභාගි වීම සඳහා චීනයට පැමිණෙන ලෙස චීන පාර්ශ්වය විවිධ රටවල රාජ්‍ය නිලධාරීන්, කෘත්‍රිම බුද්ධි ක්ෂේත්‍රයට අදාළ කර්මාන්ත, ශාස්ත්‍රීය හා පර්යේෂණ ක්ෂේත්‍රයන්හි පුද්ගලයන් සහ ජගත් සංවිධානවල ප්‍රධානීන් වෙත ආරාධනා කර තිබේ.

විවිධ පාර්ශ්වයන් සමග එක්ව මෙවර සමුළුව ප්‍රයෝජනයට ගනිමින් කෘත්‍රිම බුද්ධි ක්ෂේත්‍රයේ විධිමත්, ආරක්ෂිත සහ ක්‍රමවත් සංවර්ධනය ඒකාබද්ධව ප්‍රවර්ධනය කිරීමට බලාපොරොත්තු වන බවත් Lin Jian මහතා එහිදී වැඩිදුරටත් කියාසිටි‍යේය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *