චීනය සහ යුරෝපා සංගමය අතර වෙළඳ හා ආයෝජන සාකච්ඡා යාන්ත්‍රණය නිල වශයෙන් ඇරඹෙයි

චීනය සහ යුරෝපා සංගමය අතර වෙළඳ හා ආයෝජන සාකච්ඡා යාන්ත්‍රණය නිල වශයෙන් ඇරඹෙයි

චීනය සහ යුරෝපා සංගමය අතර වෙළඳ හා ආයෝජන සාකච්ඡා යාන්ත්‍රණයක් නිල වශයෙන් ආරම්භ කර ඇත. දෙපාර්ශ්වය පැවැත්වූ හමුවකින් පසු ඒකාබද්ධ නිවේදනයක් මගින් මේ බව සඳහන් කර තිබිණ. 

බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර ඊයේ(29) පැවති පළමු රැස්වීම, චීන වාණිජ අමාත්‍ය Wang Wentao සහ යුරෝපා කොමිසමේ වෙළඳ හා ආර්ථික ආරක්ෂාව, අන්තර් ආයතනික සබඳතා සහ විනිවිදභාවය පිළිබඳ කොමසාරිස් Maros Šefčovič  යන මහත්වරුන්ගේ සම සභාපතිත්වයෙන් පැවැත්විණ. 

වෙළඳ හා ආයෝජන සමතුලිතතාව, අපනයන පාලනය, බුද්ධිමය දේපළ අයිතිවාසිකම් සහ ලෝක වෙළඳ සංවිධානයේ ප්‍රතිසංස්කරණ යන ප්‍රමුඛ ක්ෂේත්‍ර හතරක් මෙම යාන්ත්‍රණයේ මූලික කාර්ය ලෙස, දෙපාර්ශ්වය ම එහිදී හඳුනාගෙන තිබේ. 

ආර්ථික හා වෙළඳ ගැටලු පිළිබඳ පුළුල් හා ගැඹුරු සාකච්ඡා පැවැත්වූ බව ද ඒකාබද්ධ නිවේදනයේ සඳහන් වේ. එමෙන් ම, අදාළ කරුණු ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහා ඒකාබද්ධ අධීක්ෂණ යාන්ත්‍රණයක් පිහිටුවීමට ද චීනය සහ යුරෝපා සංගමය එකඟතාව පළ කර ඇත.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *