09 වන චීන-යුරේසියානු ප්‍රදර්ශනය ඊයේ(25) චීනයේ Xinjiang උවේගුර් ස්වායත්තයේ Urumqi නගරයේදී ආරම්භ විය. චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර සාමාජික,උප අගමැති Ding Xuexiang මහතා ඊට සහභාගි වී දේශනයක් පැවැත්වීය.
යුරේසියානු මහාද්වීපය පුරාණ කාලයේ සිටම ශිෂ්ටාචාර හමුවන සහ වෙළඳාම ගලා යන ස්ථානයක් වූ බවත්,එය අද වන විට “එක් තීරයක් එක් මාවතක්” මුලපිරුම ඒකාබද්ධව ගොඩනැගීමේදී ජාත්‍යන්තර සහයෝගීතාවයේ ප්‍රධාන ක්ෂේත්‍රයක් බවට පත්ව ඇති බවත් Ding Xuexiang මහතා පෙන්වා දුන්නේය. මෑත වසරවලදී, චීනය, යුරේසියාවේ සියලු පාර්ශ්වයන් සමග එක්ව,සාමය සහ සහයෝගීතාවය,විවෘතභාවය සහ සියල්ල ඇතුළත් බව, අන්‍යෝන්‍ය ඉගෙනීම සහ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ යන මූලධර්මයන්ට අනුගතව ඇති බවත්, විවිධ ක්ෂේත්‍රයන්හි ප්‍රායෝගික සහයෝගීතාවයේ ශක්තිමත් ප්‍රගතියක් ලබා ඇති බවත් ඔහු පැවසීය. සේද මාවතෙහි ජීවගුණයේ මඟ පෙන්වීම යටතේ එක්සත්ව ඉදිරියට යා යුතු බවත්,වඩාත් ඵලදායී ප්‍රතිඵල අත්කර ගැනීම සඳහා අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රයෝජනවත් සහයෝගීතාව ප්‍රවර්ධනය කළ යුතු බවත්,කලාපීය හා ගෝලීය සංවර්ධනයට වැඩි ස්ථාවරත්වයක් සහ ධනාත්මක ශක්තියක් එක් කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
කසකස්ථානයේ නියෝජ්‍ය අගමැති Serik Zhumangarin, කිර්ගිස්තානයේ නියෝජ්‍ය අගමැති Erlist Akunbekov සහ පාකිස්ථාන පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක Syed Ghulam Mustafa Shah යන මහත්වරුන් ද සමාරම්භක උත්සවයට සහභාගී වී දේශන පැවැත්වූහ. 24 සහ 25 යන දෙදින තුළ ද Ding Xuexiang මහතා ඔවුන් වෙන් වෙන්ව හමුවී පොදු අවධානයට ලක්වන කරුණු පිළිබඳ වැඩිදුර අදහස් හුවමාරු කර ගත්තේය.
