චීන ජනපති සහ උතුරු කොරියානු නායකයා අතර හමුව පැවැත්වෙයි

චීන ජනපති සහ උතුරු කොරියානු නායකයා අතර හමුව පැවැත්වෙයි

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා උතුරු කොරියානු නායක කිම් ජොන් උන් මහතා හමු වෙයි. එම හමුව අද (08) Pyongyang හිදී පැවැත්විණ.

කොමියුනිස්ට් පක්ෂයක නායකත්වයෙන් යුත් සමාජවාදී රටවල් දෙකක් වශයෙන් චීනය හා උතුරු කොරියාව අතර ගැඹුරු සාම්ප්‍රදායික මිත්‍රත්වයක් පවතින බව ෂී ජින්පිං මහතා එහිදී කියා සිටියේය. ජාත්‍යන්තර තත්ත්වය කෙසේ වෙනස් වුවද , ද්විපාර්ශ්වික සම්බන්ධතා රැකගැනීම, කිම් ජොන් උන් මහතාගේ නායකත්වය යටතේ උතුරු කොරියාවෙහි ක්‍රියාත්මක කෙරෙන සමාජවාදී ක්‍රමයට සහාය වීම මෙන්ම දෙරටේ පොදු යහපත හා පොදු උපාය මාර්ගික පරිසරය ආරක්ෂා කිරීම වෙනස් නොවන බව හෙතෙම අවධාරණය කරයි. එසේම නව යුගයේ දෙරටේ සාම්ප්‍රදායික මිත්‍රත්වයට නව ශක්තිය හා අන්තර්ගතය එක් කළ යුතු බව ද පෙන්වා දෙනු ලැබිණ.

ඉදිරි‍යේදී චීන-උතුරු කොරියානු සම්බන්ධතා වර්ධනය කිරීම වෙනුවෙන් චීන ජනාධිපතිවරයා සිව්වැදෑරුම් යෝජනාවක් ද ඉදිරිපත් කර ඇත. එම යෝජනාවට අනුව , රාජ්‍ය නායක මට්ටමේ හුවමාරු මගින් දෙරටේ අන්‍යෝන්‍ය දේශපාලන විශ්වාසය වෙනුවෙන් ශක්තිමත් අඩිතාලමක් තබා ගත යුතුය. දෙරටේ ජනතාවගේ සුබසෙත සලකා බලමින් ප්‍රයෝගික සහයෝගිතාව ඉහළ නංවා‍ ගත යුතුය. සාම්ප්‍රදායික මිත්‍රත්වය ඔස්සේ දෙරටේ ජනතාවගේ හදවත් වඩාත් සමීප කළ යුතුය. එසේම සාධාරණත්වය හා යුක්තිය මූලික කර ගනිමින් දෙරටේ උපාය මාර්ගික සහයෝගිතාව තවදුරටත් අලුත් කළ යුතු බව ෂී ජින්පිං මහතා පෙන්වා දුන්නේය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *