ෂී ජින් පිං මහතාගේ චින්තනයන්ට අදාළ වාර්තා චිත්‍රපට තුනක් ලාඕසයේ විකා‍ශනය කෙරේ

ෂී ජින් පිං මහතාගේ චින්තනයන්ට අදාළ වාර්තා චිත්‍රපට තුනක් ලාඕසයේ විකා‍ශනය කෙරේ

චීන මාධ්‍ය සමූහය විසින් නිෂ්පාදනය කරන ලද “ෂී ජින් පිං මහතාගේ සංස්කෘතික බැඳීම”, “නායකත්වය” සහ “චීන සම්භාව්‍ය චින්තනය” යන චීන වාර්තා චිත්‍රපට තුනක් ලාඕසයේ ජාතික රූපවාහිනිය සහ එ‍ර‍ට අනෙකුත් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ආයතනයන්හි විකාශනය කෙරේ.

ලාඕසයේ මහජන විප්ලවවාදී පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, එරට ජනාධිපති Thongloun Sisoulith මහතා මෙම වා‍ර්තා චිත්‍රපට විකාශනය වෙනුවෙන් සුබ පැතුම් ලිපියක් යවා තිබේ. මෙම වාර්තා චිත්‍රපටවල චීන දාර්ශනික ප්‍රඥාව අඩංගු වන අතර ඒවා සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීම සඳහා චීන ජනාධිපති ෂී ජින් පිං මහතා දැක්වූ ඉහළ ගෞරවය, රට පාලනය කිරීමේදී ඔහුගේ දූරදර්ශී දැක්ම සහ ඔහුගේ ගැඹුරු සහ දැඩි දේශප්‍රේමය පිළිබිඹු කරන බව Thongloun Sisoulith මහතා එම පණිවිඩයේ සඳහන් කර ඇත.

මෙම වසර චීනය සහ ලාඕසය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 65 වන සංවත්සරය සනිටුහන් කරන අතර,එය දෙපාර්ශ්වයේ සහ දෙරටේ නායකයින් එක්ව දියත් කරන ලද “චීන-ලාඕස මිත්‍රත්ව වර්ෂය” ද වේ.

චීන මාධ්‍ය සමූහය සහ ලාඕස මහජන විප්ලවවාදී පක්ෂ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තුව එක්ව අද (02) ලාඕසයේ Vientiane හිදී මෙම වාර්තා චිත්‍රපට විකා‍ශනය වෙනුවෙන් උත්සවයක් පැවැත්වීය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *