“ෂී ජින් පිං –  චීන පාලන තන්ත්‍රය” නම් ග්‍රන්ථයේ 05 වන වෙළුම, සංස්කරණ අටකින් එළි දක්වයි

“ෂී ජින් පිං –  චීන පාලන තන්ත්‍රය” නම් ග්‍රන්ථයේ 05 වන වෙළුම, සංස්කරණ අටකින් එළි දක්වයි

“ෂී ජින් පිං –  චීන පාලන තන්ත්‍රය”නම් ග්‍රන්ථයේ 05 වන වෙළුම, ප්‍රංශ, රුසියානු, අරාබි, ස්පාඤ්ඤ, පෘතුගීසි, ජර්මන්, ජපන් සහ සාම්ප්‍රදායික චීන අක්ෂර සහිත සංස්කරණ අටකින් ප්‍රකාශයට පත් කෙරේ. අදාළ සංස්කරණ පසුගියදා චීන විදේශ භාෂා ප්‍රකාශනාගාරය විසින් දේශීයව සහ ජාත්‍යන්තරව බෙදා හරිනු ලැබිණ.

2022 වසරේ මැයි මස 27 වැනිදා සිට 2024 වසරේ දෙසැම්බර් මස 20 වැනිදා දක්වා කාලය තුළ ෂී ජින් පිං ජනාධිපතිවරයා සිදු කළ සංචාර, ඉදිරිපත් කළ වාර්තා, දේශන, සංවාද, පළ කළ ලිපි සහ ලබාදුන් උපදෙස්, “ෂී ජින් පිං –  චීන පාලන තන්ත්‍රය” ග්‍රන්ථයේ 05 වන වෙළුමෙහි ඇතුළත්ය. මෙම කාල සීමාව තුළ ‍ ෂී ජින් පිං ජනාධිපතිවරයාගේ ඡායාරූප 41ක් ද ඊට එක් කරනු ලැබිණ. ප්‍රධාන කරුණු 18කින් සමන්විත එම ග්‍රන්ථය , ෂී ජින් පිං මහතාගේ නව යුගයේ චීන ලක්ෂණයෙන් යුත් සමාජවාදී චින්තනයේ නවතම දැක්ම පූර්ණ වශයෙන් පහදාලන වැදගත්ම ග්‍රන්ථයකි.

ජගත් ප්‍රජාව සඳහා ෂී ජින් පිං මහතාගේ නව යුගයේ චීන ලක්ෂණයෙන් යුත් සමාජවාදී චින්තනයේ නවතම දැක්ම පිළිබඳ අවබෝධය ලබා ගැනීම සඳහා ද, චීන සංකල්පය, චීන සැලසුම් හා චීන ඥානය පිළිබඳ අවබෝධය වැඩිදියුණු කරගැනීම සඳහා ද, මෙම ග්‍රන්ථය ඉතා වැදගත් වේ.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *