සර්බියානු ජනාධිපති Aleksandar Vučić මහතා අද(24) චීනයේ බෙයිජිං නුවරට ළඟා වී සිය පස් දින චීන රාජ්‍ය සංචාරය ඇරඹීය. හෙතෙම චීනයේ සිදු කරන ප්‍රථම රාජ්‍ය සංචාරය මෙයයි.
එම සංචාරය අතරතුර හෙතෙම චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සහ අගමැති ලී ච්‍යං මහතා සමග වෙන් වෙන් වශයෙන් සාකච්ඡා පවත්වනු ඇත. එහිදී ද්විපාර්ශ්වික සබඳතා සහ පොදුවේ අවධානයට ලක් වන ජගත් හා කලාපීය කරුණු පිළිබඳව අදහස් හුවමාරු කර ගැනීමට අපේක්ෂා කෙරේ.
මෙවර සංචාරය ප්‍රයෝජනයට ගනිමින් චීනය සර්බියාව සමග මිත්‍රත්වය ස්ථිරව තහවුරු කර අන්‍යෝන්‍ය ජයග්‍රහණ ලබා ගත හැකි සහයෝගිතා පුළුල් කිරීමට කැමැත්තෙන් සිටී. මානව හුවමාරු තහවුරු කර බහුපාර්ශ්වික සම්බන්ධීකරණයට සමීප වීමෙන් නව යුගයේ චීන-සර්බියානු පොදු ඉරණමක් සහිත ප්‍රජාව ගොඩනැගීමටත්, වඩාත් වැඩි සැබෑ ප්‍රතිඵල දිනා ගනිමින් දෙරටේ ජනතාවට වාසි ලබා දීමටත් අපේක්ෂා කරන බව චීන විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත.
