උතුරු චීනයේ ගල් අඟුරු පතල් අනතුර සම්බන්ධයෙන් චීන ජනපතිගෙන් උපදෙස්

උතුරු චීනයේ ගල් අඟුරු පතල් අනතුර සම්බන්ධයෙන් චීන ජනපතිගෙන් උපදෙස්

උතුරු චීනයේ Shanxi පළාතේ ඊයේ(22) ගල් අඟුරු පතලක ගෑස් පිපිරීමෙන් සිදු වූ විපත සමනය කරගැනීම සඳහා චීන ජනාධිපති ෂී ජින්පිං මහතා වැදගත් උපදෙස් ලබා දෙයි. අතුරුදන් වූවන්ට සහ තුවාල ලැබූවන්ට කඩිනම් ප්‍රතිකාර කරන ලෙස ද හෙතෙම අදාළ අංශවලින් ඉල්ලා සිටී.

අනතුරෙන් පසු නිසි ලෙස කටයුතු කරන ලෙස ඉල්ලීමක් කළ ජනාධිපතිවරයා නීතියට අනුකූලව වගවීම අනුගමනය කරමින් අනතුරට හේතුව පිළිබඳව ගැඹුරු පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලා සිටියේය.

එරට වේලාවෙන් සිකුරාදා ප.ව 7:29ට Changzhi නගරයේ Qinyuan කෝරළයේ Liushenyu ගල් අඟුරු පතලේදී භූගතව ගෑස් පිපිරීමක් සිදු වී ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස බරපතල ජීවිත හානි සිදු වී තිබේ. අද(23) සවස 2.00 වන විට, පුද්ගලයින් අනූ දෙනෙකු මිය ගොස් ඇති බවට තහවුරු විය.

රට පුරා බලධාරීන් අනතුරෙන් ඉගෙන ගත යුතු බවත්, සේවා ස්ථාන ආරක්ෂාව පිළිබඳව සුපරික්ෂාකාරීව සිටිය යුතු බවත්, ප්‍රධාන අනතුරු වළක්වා ගැනීම සඳහා විභව අවදානම් හඳුනාගෙන ඒවා ඉවත් කිරීමට ගන්නා උත්සාහයන් තීව්‍ර කළ යුතු බවත් ෂී ජින්පිං මහතා අවධාරණය කළේය.

චීනය ගංවතුර සමයට අවතීර්ණ වී ඇති බැවින්, ජනතාවගේ ජීවිත හා දේපළ ආරක්ෂාව සඳහා හදිසි සූදානම ශක්තිමත් කරමින් ගංවතුර පාලනය සහ ආපදා සහන පියවරයන් කෙරෙහි යොමු වන ලෙස ද ඔහු ඉල්ලා සිටියේය.

මේ අතර චීන අගමැති ලී ච්‍යං මහතා ද රට පුරා සේවා ස්ථාන ආරක්ෂණ අධීක්ෂණය ශක්තිමත් කරන ලෙස ඉල්ලා සිටී. ප්‍රධාන අනතුරු වැළැක්වීම සඳහා අදාළ සේවා ස්ථානයන්හි ආරක්ෂණ ප්‍රතිසංස්කරණ කඩිනම් කරන ලෙස ද ඔහු ඉල්ලීමක් කර ඇත.

චීන උප අගමැති Zhang Guoqing මහතා ගලවා ගැනීමේ කටයුතු සහ අනතුරේ ප්‍රතිවිපාක පාලනය අධීක්ෂණය සඳහා කණ්ඩායමක් එම ස්ථානයට ගෙන ගොස් තිබේ.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *