චීනයේ Shenzhou-23 මිනිසුන් සහිත අභ්‍යවකාශ යානය දියත් කිරීම හෙට 

චීනයේ Shenzhou-23 මිනිසුන් සහිත අභ්‍යවකාශ යානය දියත් කිරීම හෙට 

Shenzhou-23 මිනිසුන් සහිත අභ්‍යවකාශ යානයේ මෙහෙයුම් සම්බන්ධයෙන් මාධ්‍ය හමුවීමක් අද(23) බටහිර චීනයේ Jiuquan චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයේදී පැවැත්විණ. 

Shenzhou-23 මිනිසුන් සහිත අභ්‍යවකාශ යානය බෙයිජිං වේලාවෙන් හෙට(24) රාත්‍රි 23:08ට දියත් කිරීමට නියමිත බව එහි ප්‍රකාශකයෙකු පැවසීය.

මෙම මෙහෙයුම චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ යෙදුම් සහ සංවර්ධන අදියරේ 7 වැනි මිනිසුන් සහිත පියාසැරි මෙහෙයුමකි. එමෙන්ම එය චීනයේ මිනිසුන් සහිත අභ්‍යවකාශ ව්‍යාපෘතියේ 40 වැනි පියාසැරි මෙහෙයුම බවද හෙතෙම සඳහන් කළේය. Shenzhou-21 මිනිසුන් සහිත අභ්‍යවකාශ යානයේ ගගනගාමින් කණ්ඩායම සමග අභ්‍යවකාශ කක්ෂය තුළ මාරු කිරීම, අභ්‍යවකාශ විද්‍යා හා යෙදුම් කටයුතු ක්‍රියාත්මක කිරීම, ගගනගාමින් බාහිර මෙහෙයුම් සිදු කිරීම හා භාණ්ඩ ප්‍රවාහනය කිරීම යන කටයුතු මෙවර මෙහෙයුමේ ප්‍රධාන කාර්යයන් බව එහිදී සඳහන් කෙරිණ. ඊට අමතරව, Shenzhou-23 මිනිසුන් සහිත අභ්‍යවකාශ යානයේ ගගනගාමියෙකු වසරක කාලයක් අභ්‍යවකාශ කක්ෂය තුළ රැදී සිටීමේ අත්හදා බැරීමක් සිදු වනු ඇතැයි ද එහි ප්‍රකාශකයා පවසා ඇත. 

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *