ටෝකියෝ නඩු විභාගයේ 80 වන සංවත්සරය වෙනුවෙන් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රතිචාරය

ටෝකියෝ නඩු විභාගයේ 80 වන සංවත්සරය වෙනුවෙන් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රතිචාරය

අද(3) දින ඈත පෙරදිග සඳහා වූ ජාත්‍යන්තර හමුදා විනිශ්චය සභාව  ටෝකියෝ නඩු විභාගය විවෘත කිරීමේ 80 වන සංවත්සරය සනිටුහන් කෙරේ. මෑතකදී, චීනය, ජපානය සහ ජාත්‍යන්තර ප්‍රජාව ටෝකියෝ නඩු විභාගයේ ඓතිහාසික වැදගත්කම නැවත සලකා බැලීම සඳහා අනුස්මරණ උත්සව මාලාවක් පවත්වා තිබේ.

මේ පිළිබඳ චීන විදේශ අමාත්‍යාංශය පෙන්වා දුන්නේ, ටෝකියෝ නඩු විභාගය යනු කයිරෝ ප්‍රකාශනයේ සහ පොට්ස්ඩෑම් ප්‍රකාශනයේ විධිවිධාන ක්‍රියාත්මක කිරීමක් වූ අතර, එය ජයග්‍රාහී බලවතුන්ගේ සහ වින්දිතයින්ගේ සාමූහික කැමැත්ත පිළිබිඹු කරන බවයි. එසේම ටෝකියෝ නඩු විභාගය එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ අරමුණු සහ මූලධර්ම තහවුරු කළ අතර දෙවන ලෝක යුද ජයග්‍රහණයේ ප්‍රතිඵල ආරක්ෂා කළේය. ටෝකියෝ නඩු විභාග තීන්දුව පිළිගැනීම ජපානයේ පශ්චාත් යුද සමයේ ජාත්‍යන්තර ප්‍රජාව වෙත නැවත පැමිණීම සඳහා පූර්ව අවශ්‍යතාවයක් වන බව චීන විදේශ අමාත්‍යාංශය අවධාරණය කළේය.

ටෝකියෝ නඩු විභාගය මිනිසාගේ හෘදසාක්ෂිය පරීක්ෂා කර ඓතිහාසික යුක්තිය ඉටු කළේය. එය නියුරම්බර්ග් නඩු විභාගය සමග, ෆැසිස්ට් යුද අපරාධකරුවන් ඓතිහාසික නින්දාවේ කුලුනට සදහටම ඇණ ගැසීය. මෙම ප්‍රධාන නඩු විභාග දෙකෙහි අන්තර්ගත ඓතිහාසික යුක්තිය ප්‍රතික්ෂේප කළ නොහැකි අතර නීතිමය වලංගුභාවයට අභියෝග කළ නොහැක. තවද එම නඩු විභාග දෙක තැබූ පශ්චාත් යුධ ජාත්‍යන්තර පිළිවෙලේ මුල්ගල සෙලවිය නොහැකිය. ආක්‍රමණශීලීත්වය පිළිබඳ තීන්දුව අවලංගු කිරීමට උත්සාහ කරන ඕනෑම කෙනෙකුට හෝ ඕනෑම බලවේගයකට ලොව පුරා සාමයට ලැදි ජනතාවගෙන් දැඩි ප්‍රතිරෝධයක් එල්ල වන අතර නැවත වරක් ඉතිහාසයේ විනිශ්චය කැඳවනු ඇතැයි චීන විදේශ අමාත්‍යාංශය අවධාරණය කළේ ය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *