ඇමරිකාවේ හා ජපානයේ න්‍යෂ්ටික අවි නිර්ව්‍යාප්ති සම්මතය සම්බන්ධයෙන් චීනයේ ප්‍රතිචාරය

ඇමරිකාවේ හා ජපානයේ න්‍යෂ්ටික අවි නිර්ව්‍යාප්ති සම්මතය සම්බන්ධයෙන් චීනයේ ප්‍රතිචාරය

29 වැනිදා පැවති න්‍යෂ්ටික අවි නිර්ව්‍යාප්ති සම්මතය පිළිබඳ 11 වන සමාලෝචන රැස්වීමේදී චීන නියෝජිත පිරිස ඇමරිකාවේ හා ජපානයේ න්‍යෂ්ටික අවි නිර්ව්‍යාප්තිය සම්බන්ධයෙන් දේශනයක් පවත්වමින් සිය ස්ථාවරය පැහැදිලි කර ඇත. 

ගතවූ වසර 20ක කාලය තුළ ජාත්‍යන්තර ආරක්ෂාව හා න්‍යෂ්ටික අවි පාලන පද්ධතිය අඛණ්ඩව විනාශ කරමින් සිටින ඇමරිකාව න්‍යෂ්ටික අවි නිර්ව්‍යාප්තිය හා උපායමාර්ගය අස්ථාවර කිරීමේ විශාලතම මූලාශ්‍රය බව චීන නියෝජිතයින් එහිදී පැවසීය.

ඇමරිකාව සිදු කළ සෘණාත්මක ක්‍රියාවන් ගෝලීය හා කලාපීය උපායමාර්ගයේ ස්ථාවරත්වය දැඩි ලෙස විනාශ කළ අතර න්‍යෂ්ටික ගැටුම් හා විරෝධී තර්ජනයන් ඉහළ නැංවීම නිසා න්‍යෂ්ටික අවි තරගය උත්සන්න වී තිබේ. ඇමරිකාව ජගත් ප්‍රජාවේ කනස්සල්ලට සක්‍රිය ලෙස ප්‍රතිචාර දැක්විය යුතු බවද එහිදී සඳහන් කෙරිණ. එමෙන්ම එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ මූලධර්මය සැබවින්ම ආරක්ෂා කරන ලෙසත්, ජාත්‍යන්තර සබඳතාවලදී අයුතු ලෙස බලය යෙදවීම, තර්ජනය කිරීම හෝ හිරිහැර කිරීම් අත්හැර දමන ලෙසත් චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටින බවද එහිදී අවධාරණය කර ඇත. 

ජපානයට න්‍යෂ්ටික අවි හිමි වීම සම්බන්ධයෙන් චීන නියෝජිත පිරිස රැස්වීමේදී පැවසුවේ එය න්‍යෂ්ටික අවි නිර්ව්‍යාප්ති පද්ධතියට දරුණු තර්ජනයක් බවයි. සානේ ටකයිචි ජපාන අගමැති ධුරයට පත්වීමෙන් පසු ජපානය න්‍යෂ්ටික අවි අත්පත් කර ගැනීම ලෝකයට සැබෑ තර්ජනයක් වී ඇති අතර දෙවන ලෝක යුද්ධයෙන් පසු ජාත්‍යන්තර පටපාටියට සහ අවි නිර්ව්‍යාප්ති පද්ධතියට බරපතල අභියෝගයක් එල්ල වී ඇති බව එහිදී පැහැදිලි කෙරිණ. 

ජගත් ප්‍රජාව ජපාන රජයේ සෘණාත්මක ක්‍රියාවන් කෙරෙහි ඉහළින් අවධානය යොමු කළ යුතු බවද චීන නියෝජිත පිරිස පැවසීය. ජපානය දිගු කාලීනව සිවිල් අවශ්‍යතා ඉක්මවා යන ප්ලූටෝනියම් විශාල ප්‍රමාණයක් ගබඩා කර ඇත. ජපානයට න්‍යෂ්ටික අවි සංවර්ධනය කිරීමේ තාක්ෂණික හැකියාව තිබෙන අතර එමගින් කෙටි කාලයක් තුළ න්‍යෂ්ටික අවි අත්කර ගැනීමට ඉඩ තිබේ. මෙවර සමාලෝචන රැස්වීමේදී අදාළ කරුණු සම්බන්ධයෙන් ගැඹුරින් සාකච්ඡා පවත්වා ජපානයේ න්‍යෂ්ටික ක්‍රියාවන් පිළිබඳව සත්‍යාපනය සහ අධීක්ෂණය ශක්තිමත් කළ යුතු බවද චීන නියෝජිත පිරිස එහිදී අවධාරණය කළේය. 

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *