ඇමරිකානු ෆෙඩරල් සන්නිවේදන කොමිසම තාක්ෂණික මධ්‍යස්ථභාවය පිළිබඳ මූලධර්මය උල්ලංඝනය කිරීමට චීනයේ විරුද්ධත්වය

ඇමරිකානු ෆෙඩරල් සන්නිවේදන කොමිසම තාක්ෂණික මධ්‍යස්ථභාවය පිළිබඳ මූලධර්මය උල්ලංඝනය කිරීමට චීනයේ විරුද්ධත්වය

චීනය සැමවිටම ජාතික ආරක්ෂාව පුළුල් ලෙස අර්ථකථනය කිරීමට විරුද්ධ වන බව චීන වාණිජ අමාත්‍යාංශය පවසයි.

පරීක්ෂණ, සහතික කිරීම් සහ විදුලි සංනිවේදන ක්ෂේත්‍රය හා සම්බන්ධ සීමාවන් ඇමරිකාව අනුමත කිරීම සම්බන්ධයෙන් චීන වාණිජ අමාත්‍යාංශ ප්‍රකාශකයෙකු අදහස් දක්වමින් මේ බව පැවසීය.

ඊයේ (30) ඇමරිකානු ෆෙඩරල් සන්නිවේදන කොමිසම සාකච්ඡා පවත්වා අදාළ පරීක්ෂණ, සහතික කිරීම් සහ විදුලි සංනිවේදන ක්ෂේත්‍රය හා සම්බන්ධ සීමාවන් අනුමත කර ඇත. ඒ අනුව ඇමරිකාව සමග “අන්‍යෝන්‍ය පිළිගැනීමේ ගිවිසුම” අත්සන් කර නොමැති රටවල්වල පරීක්ෂණ හා සහතික කිරීමේ ආයතන සුදුසුකම් අවලංගු කිරීමේ පියවර ගැනීමට ඇමරිකාව සූදානම් වේ. එමෙන්ම ඊනියා “ආවරණ ලැස්තුවට” ඇතුළත් වූ ආයතන ඇමරිකාවේ සංනිවේදන ව්‍යාපාරික කටයුතු ක්‍රියාත්මක කිරීම තහනම් කරන බවද එහිදී සඳහන් කෙරිණ.  

මේ සම්බන්ධයෙන් චීන වාණිජ අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු පැවසුවේ ඇමරිකානු ෆෙඩරල් සන්නිවේදන කොමිසම තාක්ෂණික මධ්‍යස්ථභාවය පිළිබඳ මූලධර්මය අතහැර දමා ආරක්ෂාව පුළුල් ලෙස අර්ථකථනය කර ඇති බවයි. මෙම තත්ත්වය යටතේ, එම කොමිසම සම්බාධක සීමා පියවර රැසක් නිකුත් කොට චීනය ඇතුළු වෙනත් රටවල ව්‍යවසායන් හා නිෂ්පාදනයන් වෙනස් ලෙස සලකා අදාළ වෙළඳ හවුල්කාරිත්වයේ වාසිවලට දරුණු හානි එල්ල කර ඇති බවද හෙතෙම පැවසීය. 

චීනය අදාළ ක්‍රියාවලියට විරෝධය පළ කළ අතර ඊට දැඩි අවධානයක් ‍යොමු කර සිටී. එසේම ඇමරිකාව අඛණ්ඩව අයුතු ලෙස ක්‍රියා කළහොත් චීනය අවශ්‍ය පියවර ගනිමින් චීන ව්‍යාපාරයන්හි නීත්‍යනුකූල අයිතිවාසිකම් ආරක්ෂා කරන බව චීන වාණිජ අමාත්‍යාංශ ප්‍රකාශකයා අවධාරණය කළේය.  

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *