චීන ජනපතිගේ ගෝලීය සංවර්ධන මුලපිරීම ජගත් ප්‍රජාවේ පොදු පිළිගැනීමට

චීන ජනපතිගේ ගෝලීය සංවර්ධන මුලපිරීම ජගත් ප්‍රජාවේ පොදු පිළිගැනීමට

පොදු සංවර්ධනය පිළිබඳ ගෝලීය සංසදයේ තුන්වන ඉහළ මට්ටමේ සමුළුව ඊයේ (22) චීනයේ බෙයිජිංහිදී පැවැත්විණ. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ විදේශ කටයුතු කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ Wang Yi මහතා එම සමුළුවට සහභාගි වී දේශනයක් පැවැත්වීය.

මෙම වසර චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ගෝලීය සංවර්ධන මුලපිරීම ඉදිරිපත් කිරීමේ 05 වන සංවත්සරය සනිටුහන් කරන බව Wang Yi මහතා එහිදී පැවසීය. වසර 05ක් තුළ, විවිධ පාර්ශ්වයන්ගෙන් ලද දායකත්වය ද සමඟින්, ගෝලීය සංවර්ධන මුලපිරීම චීනයේ යෝජනාවක් ලෙස පමණක් පැවතීමකින් තොරව ජාත්‍යන්තර එකඟතාවයක් දක්වා වර්ධනය වී, එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රයට ජීවය හා ශක්තිය ලබා දී ඇත. චීනය ක්‍රියාශීලීව කටයුතු කරමින් සහයෝගීතාව ගැඹුරු කරමින්, සැමවිටම ගෝලීය සංවර්ධනයේ ප්‍රවර්ධකයා සහ දායකයා බවට පත්ව, සියලු පාර්ශ්වයන් සමඟ ප්‍රායෝගික ක්‍රියාමාර්ග මගින් ගෝලීය සංවර්ධනයේ නව තත්ත්වයක් නිර්මාණය කරන බව ඔහු අවධාරණය කළේය.

මෙම සමුළුව චීන ජාත්‍යන්තර සංවර්ධන සහයෝගිතා නියෝජිතායතනය විසින් සංවිධානය කරන ලදී. රටවල්, ජාත්‍යන්තර සංවිධාන සහ අනෙකුත් ආයතන 140කට වැඩි සංඛ්‍යාවක නියෝජිතයෝ මාර්ගගත සහ මාර්ගගත නොවන ආකාරයෙන් මෙම සමුළුවට සහභාගි වූහ.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *