නව නිපැයුම් පේටන්ට් බලපත්‍ර සංඛ්‍යාව මිලියන 05 ඉක්මවූ ලොව මුල්ම රට බවට චීනය පත් වෙයි

නව නිපැයුම් පේටන්ට් බලපත්‍ර සංඛ්‍යාව මිලියන 05 ඉක්මවූ ලොව මුල්ම රට බවට චීනය පත් වෙයි

2025 වසරේදී චීනය තුළ අනුමැතිය හිමි වූ නව නිපැයුම් පේටන්ට් බලපත්‍ර සංඛ්‍යාව නවලක්ෂ හැත්දෑදෙදහසක් දක්වා ඉහළ ගොස් ඇති බව ඊයේ(23) සවස චීන රාජ්‍ය මණ්ඩලයේ ප්‍රවෘත්ති කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක දී චීන ජාතික බුද්ධිමය දේපළ පරිපාලනය පැවසීය. ඒ සමගම, ලොව නව නිපැයුම්වලට අදාළ නිල පේටන්ට් බලපත්‍ර සංඛ්‍යාව මිලියන 05 ඉක්මවූ මුල්ම රට බවට චීනය පත්ව තිබේ.

ඒ අතරින්, ක්වොන්ටම් තාක්ෂණය, ජෛව නිෂ්පාදනය, මිනිස් මොළය හා සම්බන්ධ පරිගණක අතුරුමුහුණත(BCI), 6G සන්නිවේදන තාක්ෂණය යනාදියෙන් යුත් අනාගත කර්මාන්ත ක්ෂේත්‍රය සඳහා වන ප්‍රධාන තාක්ෂණ පේටන්ට් බලපත්‍ර කැපී පෙනේ.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *