එක්සත් ජාතීන්ගේ චීන ස්ථාවර නියෝජිත Fu Cong මහතා ඊයේ (16) එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ ආරක්ෂක කවුන්සිලයේදී චීනය ප්‍රතික්ෂේප බලය භාවිතය පිළිබඳව අදහස් දැක්වීය. හෙතෙම එහිදී කියා සිටියේ චීනය විසින් පසුගිය 7 වැනිදා ආරක්ෂක මණ්ඩලයේදී හෝමුස් සමුද්‍ර සන්ධිය සම්බන්ධ යෝජනා කෙටුම්පත වෙත විරුද්ධ වීමෙන් තත්ත්වය උග්රවීම වළක්වා ගැනීමට හැකි වූ බවයි. ඒ සමගම ඒ හේතුවෙන් තාවකාලික සටන් විරාමයක් ඇති කිරීමට සහ සංවාද සාකච්ඡා ආරම්භ කිරීමටද හිතකර තත්ත්වයන් නිර්මාණය කර තිබේ.
අදාළ පාර්ශ්වයන් සටන් විරාම ගිවිසුමකට එළඹීම ප්‍රකාශ කිරීම චීනය සාදරයෙන් පිළිගන්නා බවත්, සටන් විරාමයක් සහ යුද්ධය නතර කිරීමට උපකාරී වන සියලු උත්සාහයන්ට චීනය සහාය දක්වන බවත් Fu Cong මහතා එහිදී පැවසීය. චීනය තත්ත්වය සමනය කිරීම දිගටම ප්‍රවර්ධනය කිරීමට මෙන්ම කලාපීය රටවල් අතර සබඳතා වැඩිදියුණු කිරීමට කැමැත්තෙන් සිටී. අවසානයේ මැදපෙරදිග කලාපයේ කල්පවත්නා සාමය හා ස්ථාවරත්වය සාක්ෂාත් කර ගැනීම සඳහා කාර්යභාරයක් ඉටු කිරීමට දායක වන බව ඔහු වැඩිදුරටත් පැවසීය.
