උතුරු කොරියානු කම්කරු පක්ෂයේ මහලේකම් Kim Jong-un මහතා (10) Pyongyang හිදී චීන විදේශ අමාත්‍ය වං යී මහතා හමුවිය.
චීන විදේශ අමාත්‍යවරයා එහිදී Kim Jong-un මහතා වෙත චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ හෘදයාංගම සුබ පැතුම් පිරිනැමූ අතර, උතුරු කොරියානු කම්කරු පක්ෂයේ 9 වන සම්මේලනය සහ උතුරු කොරියානු මහජන කොංග්‍රසයේ 15 වන උත්තරීතර මහජන සභාව සාර්ථකව පැවැත්වීම පිළිබඳව උණුසුම් සුබ පැතුම් පිරිනැමීය. සංකීර්ණ හා අස්ථාවර ජාත්‍යන්තර තත්ත්වයකට මුහුණ දී සිටින චීනය සහ උතුරු කොරියාව, ඔවුන්ගේ ස්වෛරීභාවය, ආරක්ෂාව සහ සංවර්ධන අවශ්‍යතා ස්ථිරව ආරක්ෂා කරන අතරම, ප්‍රධාන ජාත්‍යන්තර හා කලාපීය ගැටලු සම්බන්ධයෙන් සන්නිවේදනය සහ සම්බන්ධීකරණය තවදුරටත් ශක්තිමත් කළ යුතු බව එහිදී වං යී මහතා සඳහන් කළේය. එමෙන්ම ලෝක සාමය සහ සංවර්ධනය පවත්වා ගැනීම සඳහා ඵලදායී දායකත්වයක් ලබා දිය යුතු බව ද ඔහු පැවසීය.
Kim Jong-un මහතා චීන විදේශ අමාත්‍යවරයා ප්‍රමූඛ දූත පිරිස උණුසුම් ලෙස පිළිගත් අතර, චීන ජනාධිපතිවරයා වෙත සිය හෘදයාංගම සුබ පැතුම් පිරිනමන ලෙස ඉල්ලා සිටියේ ය. උතුරු කොරියානු කම්කරු පක්ෂයේ 9 වන සම්මේලනයේදී ස්ථාපිත කරන ලද මහා සැලැස්ම අවස්ථාවක් ලෙස ගෙන, චීනය සමග, සමාජවාදය කේන්ද්‍ර කර ගත් උතුරු කොරියානු-චීන මිත්‍රශීලී සහ සහයෝගී සබඳතා තවදුරටත් වර්ධනය කිරීමට අපේක්ෂා කරන බව පැවසීය. එමෙන්ම දෙරටේ ජනතාවගේ ප්‍රතිලාභ සහ ලෝක සාමය හා ස්ථාවරත්වය සඳහා නිසි කාර්යභාරයක් ඉටු කිරීමට ද, උතුරු කොරියාව කැමැත්තෙන් සිටින බව Kim Jong-un මහතා එහිදී සඳහන් කළේ ය.
