චීනයේ ඇතුළු මොන්ගෝලියානු ස්වායත්තයේ නිදහස් වෙළඳ අත්හදා බැලීමේ කලාපය අද(11) උදෑසන නිල වශයෙන් ආරම්භ විය. ඒ අනුව චීනයේ නිදහස් වෙළඳ අත්හදා බැලීමේ කලාප සංඛ්‍යාව 23 දක්වා ඉහළ යාම විශේෂත්වයකි.
නව කලාපය වර්ග කිලෝමීටර් 119.74ක භූමි ප්‍රදේශයක් ආවරණය කරන අතර, එයට Hohhot, Manzhouli සහ Erenhot යන ප්‍රදේශ තුනක් ඇතුළත් වේ.
චීන රාජ්‍ය මණ්ඩලය ඊයේ(10) “චීනයේ ඇතුළු මොන්ගෝලියානු ස්වායත්තයේ නිදහස් වෙළඳ අත්හදා බැලීමේ කලාපය සඳහා වන සමස්ත සැලැස්ම” පිළිබඳව විස්තර කළේය.
එම සැලැස්මට අනුව, චීනයේ ඇතුළු මොන්ගෝලියානු ස්වායත්තයේ නිදහස් වෙළඳ අත්හදා බැලීමේ කලාපය අසල්වැසි රටවල් සමග සංවර්ධන ඒකාබද්ධතාවය ගැඹුරු කරන අතර, පොදු ඉරණමක් සහිත අසල්වැසි රටවල් සමූහයක් ගොඩනැගීමට සේවය කරනු ඇත. එම කලාපය මගින් දේශසීමා වෙළඳාමේ නවෝත්පාදන සංවර්ධනය සාක්ෂාත් කරමින් ජාත්‍යන්තර සැපයුම් සේවා කාර්යයන් ද ශක්තිමත් කෙරේ. එසේම තාක්ෂණ හුවමාරුව හා භාවිත කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම මෙන්ම, බහුවිධ ක්ෂේත්‍රවල ජාත්‍යන්තර හුවමාරු පුළුල් කිරීම යන ප්‍රතිසංස්කරණ සහ නවෝත්පාදන පියවර 19ක් ද ඊට ඇතුළත් වේ.

