පසුගිය පෙබරවාරි මාසයට වඩා 4% කින් සහ වසරින් වසර 14.5%ක වර්ධනයක් සමගින් ඉකුත් මාර්තු මාසයේ චීනයේ භාණ්ඩ මිල දර්ශකය (CBPI) 129.9 ක් ලෙස සටහන් විය.
චීන භාණ්ඩ සැපයුම් හා මිලදී ගැනීමේ සම්මේලනය අද(5) නිකුත් කළ දත්තවලින් මේ බව පෙන්නුම් කෙරේ.
එම සම්මේලනයේ නිලධාරියෙකු වන Zhou Xu මහතා පැවසුවේ, මාර්තු මාසයේ චීනයේ භාණ්ඩ මිල දර්ශකයේ සැලකිය යුතු වර්ධනයට හේතු වූයේ, දේශීය භාණ්ඩ වෙළඳපොළේ යථා තත්ත්වයට පත්වීම සහ ප්‍රතිපත්තිමය බලපෑම් මතුවීම බවයි. එසේම චීන භාණ්ඩ වෙළඳපොලේ මිල උච්චාවචනයන් ජාත්‍යන්තර වෙළඳපොළට වඩා බෙහෙවින් අඩු වන බව ඔහු සඳහන් කළේය.
