2026 චීන Qingming උත්සව නිවාඩු සමය හෙවත් පසුගිය අප්‍රේල් 4 වන දින සිට අප්‍රේල් 6 වන දින දක්වා කාලය තුළ, චීනයේ දේශීය සංක්‍රමණ වාර ගණන මිලියන 845.38 වනු ඇති බවට අපේක්ෂා කෙරේ. චීන ප්‍රවාහන අමාත්‍යාංශයට අනුව, එය පසුගිය වසරේ අදාළ කාල සීමාවට සාපේක්ෂව 6%ක වැඩිවීමකි. එමෙන්ම එහි එක්දින මගී ප්‍රමාණය මිලියන 281.79 කි.
චීනයේ විවිධ ප්‍රදේශවල පාසල් සිසුන් සඳහා Qingming උත්සවය සහ වසන්ත නිවාඩුව හිමි වීම හේතුවෙන් මෙවර නිවාඩු සමයේ සංචාරක අංශයේ වර්ධනයක් ඇති විය. පවුලේ චාරිකා ජනප්‍රිය වීමත් සමග ප්‍රවාහන සේවා, සංස්කෘතික සංචාර සහ නවාතැන්, ආහාර සැපයීම සහ සිල්ලර වෙළඳාම මෙන්ම බලශක්ති සැපයුම ඇතුළත් පූර්ණ පරිභෝජන අවස්ථාවන් නිර්මාණය වීම විශේෂත්වයකි.
