පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ පළමු මාස 06 තුළ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොල හි මෙහෙයුම් ලාභය සියයට 78 කින් ඉහළ ගොස් ඇති බව ප්‍රවාහන,මහාමාර්ග,වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය නිවේදනය කරයි.
ඒ අනුව 2024 පළමු මාස 06 තුළ මෙහෙයුම් ලාභය රුපියල් මිලියන 9049 ක් ලෙස සටහන් වූ අතර 20205 පළමු මාස 06 තුළ මෙහෙයුම් ලාභය රුපියල් මිලියන 16,133 ක් ලෙස සටහන් වේ.
2025 පළමු මාස 6 තුල ගුවන් ගමන් වාර 32423 ක් සම්පූර්ණ කර ඇති අතර ඉදිරි සංචාරක සමය ආරම්භ වීමත් සමග එය සැළකිය යුතු ලෙස වර්ධනය කිරීම ගුවන් තොටුපල අධිකාරියේ අපේක්ෂාවයි.
2024 වසරට සාපේක්ෂව 2025 වසරේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ගුවන්ගමන් වාර වල සියයට 16ක වර්ධනයක් පෙන්නුම් කර ඇත. ජාත්‍යන්තර ගුවන්ගමන් වාරවල සියයට 17 ක පමණ වර්ධනයක් පෙන්නුම් කරනු ලබන බව ප්‍රවාහන,මහාමාර්ග,වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය සදහන් කරයි.
එසේම දේශීය ගුවන්ගමන් වාරවලද සියයට 10ක වර්ධනයක් පෙන්නුම් කරනු ලැබේ.
ජාත්‍යන්තර ගුවන් ගමන් වාර වල වර්ධනයේ වැඩිම අගය මාර්තු මාසයේ පෙන්නුම් කරනු ලබන අතර එය 2024 වසරේ මාර්තු මාසයට සාපේක්ෂව සියයට 22 කි.
දේශීය ගුවන් ගමන් වාර වර්ධනයේ වැඩිම අගය ජුනි මාසයේ පෙන්නුම් කරනු ලබන අතර එය 2024 වසරට සාපේක්ෂව සියයට 38 වර්ධනයකි.
ඉදිරි සංචාරක සමය ආරම්භයත් සමග ගුවන් ගමන් වාර තව දුරටත් පුළුල් කිරීමට බලාපොරොත්තු වන බව ගුවන් තොටුපොල අධිකාරිය පවසයි.
