මෙරටට ගෙන් වූ වාහන ගැන නිවෙසේ සිටම තොරතුරු දැන ගැනීමට ‘ඇප්’ එකක්

මෙරටට ගෙන් වූ වාහන ගැන නිවෙසේ සිටම තොරතුරු දැන ගැනීමට ‘ඇප්’ එකක්

මෙරටට ආනයනය කළ සියලු වාහන සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමට හැකි වන පරිදි Motor Vehical Verification නමින් ඇප් එකක් හඳුන්වා දීමට කටයුතු කරන බව රේගු අධ්‍යක්ෂ ජනරාල් සරත් නෝනිස් මහතා පවසයි. විවිධාකාරයේ බදු පැහැර හැරීම් සඳහා මේ වනවිටත් විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇතැයි ද ඒ මහතා කියා සිටියේය.

ඒ මහතා මේ බව කියා සිටියේ ඊයේ (29) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

“අප සතුව තොරතුරු ලබාදෙන ක්‍රමවේදයක් තිබෙනවා.මේ සම්බ්න්ධයෙන් මේ සතියේ විශේෂ අවධානයක් යොමු කර තිබෙනවායැයිද කී ඒ මහතා ලංකාවේ දී රථ වාහනයක් මිලදී ගන්නේ නම් නිවැරදිව නීත්‍යනුකූලව තීරු බදු ගෙවා මෙරටට ආනයනය කර තිබේද නැද්ද යන්න සම්බන්ධයෙන් නිවෙසේ සිටම බලා ගැනීමට Motor Vehical Verification App එකෙන් පාරිභෝගිකයන්ට හැකියාව ඇතැයි ද රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේය.

මේ අවස්ථාවට එක්වූ රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩ මහතා ද අදහස් දැක්වීය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *