නව රජයේ ප්‍රථම අයවැය පාර්ලිමේන්තුවට

නව රජයේ ප්‍රථම අයවැය පාර්ලිමේන්තුවට

නව රජයේ ප්‍රථම අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ. මුදල් අමාත්‍ය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් එය අද (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදි.

මෙම විසර්ජන පනත් කෙටුම්පත පිළිබද විවාදය හෙට ( 18) වනදා සිට 21 වනදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත.

දූෂිත පාලනය, අසාර්ථක ආර්ථික ප්‍රතිපත්ති සහ වගකීම් විරහිත පාලනය , රට මුහුණ දුන් අර්බුදයට හේතුව බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අයවැය කතාව අරඹමින් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ සඳහන් කළේය.

සමාජ ආර්ථික පදනමක් සැකසෙන මෙම  අයවැයෙන් ආර්ථිකය ස්ථාවර කිරීමටත් ජාත්‍යන්තරය සමඟ ශක්තිමත් සබඳතා ගොඩනගා ගැනීමටත් ආයෝජකයන්ගේ විශ්වාසය ගොඩනගා ගැනීමටත්  අපේක්ෂා කරන බවද හෙතෙම කීය. ඩිජිටල් ආර්ථිකය සංවර්ධනය වේගවත් කිරීමට රුපියල් මිලියන 3000ක් වෙන් කරන බවද ජනාධිපතිවරයා සිය අයවැය කථා‍වේදී සඳහන් කළේය. ඩිජිටල් ආර්ථිකය ජාතික ආර්ථිකයෙන් සියයට දොළහක මට්ටමකට ළඟා කර ගැනීම අපේක්ෂාව වී ති‍‍බේ.සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා  විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක  කිරීමද අයවැය යෝජනාවල සඳහන් විය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *