IMF සමග කඩිනමින් සාකච්ඡා අරඹනවා – ජනපති

IMF සමග කඩිනමින් සාකච්ඡා අරඹනවා – ජනපති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කඩිනමින් සාකච්ඡා ආරම්භ කර විස්තීර්ණ ණය පහසුකමට අදාළ කටයුතු ඉදිරියට ගෙනයෑමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ (25) රාත්‍රියේ ජාතිය අමතා සිදුකළ විශේෂ සාකච්ඡාවේදීය.

“ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන ඉදිරියට ගෙනයෑම සඳහා අදාළ ණය පාර්ශ්වයන් සමග සාකච්ඡා කරනවා.”

“ඒ සම්බන්ධ කටයුතු හැකි ඉක්මනින් නිමා කර ණය සහන ලබාගැනීමට කටයුතු කරනවා.” 

“ඒ සඳහා මේ රටේ ජනතාවගේ වගේම ජාත්‍යන්තර ප්‍රජාවගේ සහයත් ලබාගත හැකි බවට අපි විශ්වාස කරනවා.”

මේ අතර ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ,

“මෙරට දේශපාලන සංස්කෘතියේ අයහපත් දේ ඉවත් කරනවා.”

“විවිධත්වයට ගරු කරන ශ්‍රී ලාංකික ජාතියක් බිහි කිරීමට කැප වෙනවා.”

“නීතිගරුක රටක් සහ විනයගරුක සමාජයක් ගොඩනගනවා.”

“ජනතාවගේ අධික ජීවන බර අවම කිරීමට අපි කටයුතු කරනවා.”

“සියලු දරුවන්ට විශිෂ්ට අධ්‍යාපනයක් ලබාදෙනවා.”

“තරුණ පරපුරට හොඳ අනාගතයක් ඇති කරනවා.”

“රටේ ප්‍රතිරූපය ඉහළ යන ආකාරයේ කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන සැලසුම් අපි ක්‍රියාත්මක කරනවා.”

“ජනතාවගේ සාධනීය විවේචන පිළිගැනීමට මා සූදානම්.”

“මේ රට ගොඩනැගීමට අවංකව සම්බන්ධවෙන සියලු දෙනාට අපේ දොරටු විවෘතයි.”

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *