ඩිජිටල් ආර්ථික පරිවර්තනයක් සඳහා අවශ්‍ය නීති නුදුරේ දීම පාර්ලිමේන්තුවට ගෙන එන බව ජනපති කියයි

ඩිජිටල් ආර්ථික පරිවර්තනයක් සඳහා අවශ්‍ය නීති නුදුරේ දීම පාර්ලිමේන්තුවට ගෙන එන බව ජනපති කියයි

ඩිජිටල් පරිවර්තන නියෝජිතායතනයක් සහ කෘත්‍රිම බුද්ධිය මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීමට අදාළ නීති මෙම වසරේ මැද භාගය වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ශීඝ්‍ර ඩිජිටල් පරිවර්තනයක් මගින් මෙරට ආර්ථිකය ඉන්දියානු සාගර කලාපයේ නැගී එන ආර්ථිකයක් බවට පත් කළ හැකිවනු ඇතැයි ද හෙතෙම විශ්වාසය පළකරයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ (26) පෙරවරුවේ ආරම්භ වූ ඩිජිටල් පොදු යටිතල පහසුකම් සමුළුවේ ප්‍රධාන දේශනය පවත්වමිනි.

ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය සහ ශ්‍රී ලංකා රජයේ තාක්ෂණ අමාත්‍යාංශය එක්ව මෙම සමුළුව සංවිධාන කර තිබිණ.  ප්‍රජාව බලගැන්වීම සහ නව්‍යකරණයට ජවය ලබා දෙමින් ආර්ථිකය පෝෂණය කිරීම සඳහා ඩිජිටල් පොදු යටිතල පහසුකම්වල පුළුල් පරිවර්තනයක් සිදුකිරීම කෙරෙහි මෙම සමුළුවේ ප්‍රමුඛ අවධානය යොමුකෙරිණ.

එම විද්වත් සාකච්ඡා සඳහා ඩිජිටල් පොදු යටිතල පහසුකම් සහ පාලනය පිළිබද විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන, දැනුම හා අත්දැකීම් සපිරි ඉන්දීය මෙන්ම ශ්‍රී ලාංකික විද්වත්හු පිරිසක් එක්ව සිටියහ.

නව නීති සම්මතවීමත් සමග ශ්‍රී ලංකාවේ ආර්ථිකය, අපනයන ඉලක්ක කර ගත් ඩිජිටල් හා හරිත ආර්ථිකයක් බවට පරිවර්තනය කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි ද ජනාධිපතිවරයා කියාසිටී.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *