
ශ්‍රී ලංකාවට එරෙහිව පැවති පළමු එක්දින තරගය කඩුලු 6කින් ජයගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්විය.
එහිදී බංග්ලාදේශය ජයග්‍රහණය වෙත කැඳවාගෙන යාමට නායක නජ්මුල් සහ මුෂ්ෆිකර් රහීම් එක්ව ගොඩනැගූ අගනා සම්බන්ධතාවය ඉවහල් විය.
එහිදී නොදැවී අගනා පිතිහරඹයක නියැලුණු නජ්මුල් නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළේය.
පන්දු 129කදී ලකුණු 122ක් රැස්කරගත් ඔහුගේ ඉනිමට හයේ පහර 2ක් සහ හතරේ පහර 13ක් ඇතුළත් විය.
ඔහුට අගනා සහායක් ලබාදුන් මුෂ්ෆිකර් රහීම් පන්දු 84කදී හතරේ පහර 8ක් සමග නොදැවී ලකුණු 73ක් රැස්කරගත්තේය.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුලු 2ක් දවාගැනීමට ඩිල්ශාන් මදුශංක සමත්විය.
ප්‍රමෝද් මදුශාන් සහ ලහිරු කුමාර එක් කඩුල්ල බැගින් දවාගත්තේය.
ඒ අනුව පන්දුවාර 44යි පන්දු 4ක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 257ක් ලබාගනිමින් බංග්ලාදේශය තරගයේ ජය තහවුරු කළේය.