තායිවාන ප්‍රශ්නය සම්බන්ධයෙන් යුරෝපා පාර්ලිමේන්තුව සුපරීක්ෂාකාරීව කටයුතු කළ යුතු බව චීන රාජ්‍ය මණ්ඩලයේ තායිවාන කටයුතු කාර්යාලයේ ප්‍රකාශිකා Zhu Fenglian මහත්මිය ප්‍රකාශ කරයි.
ඇය මෙසේ ප්‍රකාශ කළේ අද(4) පැවති මාධ්‍ය හමුවකදීය. යුරෝපීය නීති සම්පාදකයින්ගේ නියෝජිත පිරිසක් සමග මෑතකදී පැවති රැස්වීමකදී තායිවාන ප්‍රදේශයේ ඊනියා පාලක Lai Ching-te පළ කළ ප්‍රකාශ පිළිබඳව වාර්තාකරුවෙක් එහිදී ප්‍රශ්න ඉදිරිපත් කළේය.
ඊට ප්‍රතිචාර වශයෙන් Zhu Fenglian මහත්මිය කියා සිටියේ, චීනය සමග රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවත්වන රටවල් සමග තායිවාන ප්‍රදේශය සිදු කරන ඕනෑම ආකාරයක නිල අන්තර්ක්‍රියාවකට චීනය දැඩි ලෙස විරුද්ධ වන බවය. එකම චීනය මූලධර්මය දැඩි ලෙස පිළිපදින ලෙස චීනය යුරෝපා පාර්ලිමේන්තුවේ ඇතැම් පුද්ගලයින්ගෙන් ඉල්ලා සිටියි. තායිවාන ප්‍රදේශයේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලී පක්ෂ බලධාරීහු, ඇතැම් බටහිර දේශපාලනඥයින් සමග එක්ව, චීන මහගොඩබිමට පදනම් විරහිත චෝදනා නගමින් තායිවාන සමුද්‍ර සන්ධියේ ගැටුම් ඇති කිරීමට උත්සාහ කරති. “බාහිර බලවේග මත යැපීමෙන් ස්වාධීනත්වය සෙවීම” පිළිබඳ ඔවුන්ගේ අපකීර්තිමත් මුහුණුවර ඉන් නැවත වරක් හෙළි වී තිබෙන බව ද Zhu Fenglian මහත්මිය පවසා ඇත.
