ජපාන හමු­දාවට ඉන්දි­යාවෙන් මිස­යිල මෙහෙයුම් පුහු­ණු­වක්

ජපාන හමු­දාවට ඉන්දි­යාවෙන් මිස­යිල මෙහෙයුම් පුහු­ණු­වක්

ජපාන ආර­ක්ෂක බළ­කා­යට ගොඩ­බිම සිට නෞකා වෙත ප්‍රහාර එල්ල කරන මිස­යිල සහ ප්‍රහා­රක ඩ්‍රෝන භාවි­තය පුහුණු කිරීමේ හැකි­යාව අධ්‍ය­ය­නය කිරී­මට ජපාන ආර­ක්ෂක අමා­ත්‍යාං­ශයේ නියෝ­ජිත කණ්ඩා­ය­මක් ඉන්දි­යාවේ සංචා­ර­යක නිර­තව වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ජපාන ආර­ක්ෂක බළ­කායේ මාණ්ඩ­ලික ප්‍රධානී ජෙන­රාල් අරායි මස­යෝෂී සඳ­හන් කර ඇත්තේ සිය ආත්මා­ර­ක්ෂාව වර්ධ­නය කර­ගැ­නීමේ හැකි­යා­වන් අධ්‍ය­ය­නය කිරී­මට එම නියෝ­ජිත පිරිස ඉන්දි­යාව බලා පිටත් වූ බවය. කිලෝ­මී­ටර් සිය ගණ­නා­වක දුර­කට ප්‍රහාර එල්ල කළ හැකි මිස­යිල පරීක්ෂා කිරී­මට සහ හමුදා නිල­ධා­රීන්ට එම පුහු­ණුව ලබා­දී­මට ජපා­නය තුළ සුදුසු ප්‍රදේශ සීමිත බැවින් මේ පිය­වර ගත් බව ද ජෙන­රාල් මස­යෝෂි ප්‍රකාශ කර තිබේ.

ජපාන ආර­ක්ෂක අමා­ත්‍යාං­ශයේ නියෝ­ජිත කණ්ඩා­යම ඉන්දි­යාවේ මිස­යිල පරී­ක්ෂණ මධ්‍ය­ස්ථාන නිරි­ක්ෂ­ණය කර­මින් සහ මිස­යිල එල්ල කළ හැකි දුර පරා­ස­යන් පිළි­බඳ අධ්‍ය­ය­නය කර­මින් සති­යක පමණ කාල­සී­මා­වක් ඉන්දි­යාවේ රැඳී සිටි බව ද වාර්තා වේ.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *