චීන 9 වැනි ගොවි අස්වනු උත්සවයට පෙර, චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති සහ මධ්‍යම හමුදා කොමිසමේ සභාපති ෂී ජින්පිං මහතා, රටේ සියලු ගොවි ජනතාවට සහ කෘෂිකාර්මික හා ග්‍රාමීය පෙරමුණුවල සේවය කරන පිරිසට චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාව වෙනුවෙන් සුබ පැතුම් පිරිනැමීය.
මෙම වසරේ ස්ථාවර ගිම්හාන ධාන්‍ය නිෂ්පාදනයක් ලබා ගනිමින් ‘මුල් සහල්’ ස්ථාවර අස්වැන්නක් ලබාගැනීමට සමත්වූ බවත් තවදුරටත් සරත් සෘතුවේ සරු අස්වැන්නක් අපේක්ෂා කරන බවත් ෂී ජින්පිං මහතා එම සුබ පැතුම් පණිවිඩයෙන් කියා සිටී.
සෑම මට්ටමකම පක්ෂ කමිටු සහ රජයන් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තීරණ සහ විධිවිධාන තරයේ ක්‍රියාත්මක කළ යුතුය. ග්‍රාමීය ප්‍රදේශ පූර්ණ පුනරුත්ථාපනය දැඩි ලෙස ක්‍රියාත්මක කරමින් කෘෂිකර්මාන්තය සහ ගොවීන්ට ප්රතිලාභ ලබා දීම පිළිබඳ ප්රතිපත්තිවල ඵලදායිතාව ඉහළ නංවා ගත යුතු බවද හෙතෙම සඳහන් කළේය. කෘෂිකර්මාන්තයේ සමස්ත නිෂ්පාදන හැකියාව හා ගුණාත්මකභාවයේ ඵලදායිතාව ඉහළ නැංවීමට ප්‍රමුඛත්වය දිය යුතුය. ගොවින්ගේ ආදායම වැඩි කිරීමේ ක්රමයන් ව්‍යාප්ත කර සැබෑ තත්ත්වයන්ට අනුකූලව රැකියා නියුක්තිය හා ජීවත්වීමට ඉවහල් වන ග්‍රාමීය ප්‍රදේශය ගොඩනගා ගොවි ජනතාවට වඩාත් වැඩි සුන්දර දිවියක් සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් උත්සාහ දැරිය යුතු බවද චීන ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
