2026 APEC සංවිධානයේ බලශක්ති බුද්ධි මණ්ඩල සංසදය ඊයේ(20) චීනයේ Dalian නගරයේදී පැවැත්විණ. මෙම සංසදයට APEC සාමාජික ආර්ථිකයන්, ජාත්‍යන්තර සංවිධාන, බුද්ධි මණ්ඩල සහ විද්‍යාත්මක පර්යේෂණ ආයතන 16ක නියෝජිතයින් 100කට වැඩි පිරිසක් සහභාගී වූහ. ඔවුන් බලශක්ති ආරක්ෂාව, බලශක්ති තාක්ෂණය සහ බලක්ති ක්ෂේත්‍රයේ නවෝත්පාදන සහයෝගීතාව වැනි ප්‍රධාන කරුණු පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා පවත්වා තිබේ.
වත්මන් සංකීර්ණ ජාත්‍යන්තර බලශක්ති තත්ත්වය හමුවේ, සංසදයට සහභාගි වූ විවිධ පාර්ශ්වයන් යෝජනා කළේ, ආසියා-පැසිෆික් ආර්ථිකයන් ආයතනික සහයෝගිතාව තහවුරු කොට, බලශක්ති ආරක්ෂාව සහ හරිත පරිවර්තනය සම්බන්ධීකරණය කරමින් විවෘත හා ඔරොත්තු දීමේ කලාපීය බලශක්ති ආරක්ෂණ පද්ධතියක් ඒකාබද්ධව ගොඩනගා ගත යුතු බවයි.
මෙම සංසදයේදී, “චීන-APEC බලශක්ති සහයෝගීතාවයේ නව ගමනක්: බලශක්ති සහයෝගීතාවය හරහා ආසියා-පැසිෆික් කලාපයේ පොදු සමෘද්ධිය ඒකාබද්ධව ප්‍රවර්ධනය කිරීම” යන මැයෙන් වාර්තාවක් ද නිකුත් කෙරිණ.
