2026 ගෝලීය මානව හිමිකම් කළමනාකරණය පිළිබඳ ඉහළ මට්ටමේ සමුළුව බෙයිජිංහිදී

2026 ගෝලීය මානව හිමිකම් කළමනාකරණය පිළිබඳ ඉහළ මට්ටමේ සමුළුව බෙයිජිංහිදී

2026 ගෝලීය මානව හිමිකම් කළමනාකරණය පිළිබඳ ඉහළ මට්ටමේ සමුළුව, අද (11) පෙරවරුවේ බෙයිජිංහිදී ආරම්භ විය. සමුළුව ඇරඹීමෙන් අනතුරුව පූර්ණ සැසියක් ද පැවැත්විණ. 

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික සහ එම මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තු ප්‍රධානි Li Shulei මහතා එහි සමාරම්භක උත්සවයට එක් වෙමින් ප්‍රධාන දේශනය සිදු කළේය.

එක්සත් ජාතීන්ගේ ‘සංවර්ධන අයිතිය පිළිබඳ ප්‍රකාශය’ සම්මත කිරීමේ 40වන සංවත්සරය සනිටුහන් කරමින් පැවැත්වෙන මෙම දෙදින සමුළුව, “සංවර්ධනය තුළින් මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම” යන සංකල්පය කේන්ද්‍ර කර ගනිමින් ගෝලීය මානව හිමිකම් කළමනාකරණය පිළිබඳ ගැටලු සාකච්ඡා කිරීමට වෙන් වනු ඇත.

මෙම සමුළුවට 100කට අධික රටවල මෙන්ම, එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සහ කලාපීය සංවිධානවල දෙස් විදෙස් අමුත්තන් 400කට අධික සංඛ්‍යාවක් එක් වේ.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *