140 වැනි කැන්ටන් ප්‍රදර්ශනය අද (15) Guangzhouහිදී ආරම්භ විය. මෙම ප්‍රදර්ශනය ආරම්භ වී වසර 70ක් පිරීම මෙවර සනිටුහන් කරයි. වර්ග මීටර් මිලියන 1.55ක භූමි ප්‍රමාණයක පැවැත්වෙන මෙවර ප්‍රදර්ශනය නොවැම්බර් මස 4 වැනිදා දක්වා අදියර තුනකින් පැවැත්වේ.
මෙයට සහභාගි වන ව්‍යවසායන් 32,000ක් අතරින් 11,000කට අධික සංඛ්‍යාවක්, විශේෂිත, නවීන සංකීර්ණ සහ නව්‍ය සමාගම් හෝ කර්මාන්තවල ප්‍රමුඛ ව්‍යාපාර වේ. ප්‍රදර්ශකයින්ගෙන් 64%ක් කාර්මික අන්තර්ජාලය සහ කෘත්‍රිම බුද්ධිය වැනි නව තාක්ෂණයන්ට යොමු වන ඒවාය. ප්‍රදර්ශනය සඳහා එක් කෙරෙන නිෂ්පාදිතයින්ගෙන් 23.2%ක් නව නිෂ්පාදන වන අතර, 26%ක් පරිසර හිතකාමී නිෂ්පාදන වේ. මෙම අගයන් දෙකම වාර්තාගත ඉහළ මට්ටමක පවතී.
තවද, මෙම ප්‍රදර්ශනය තුළ නව නිෂ්පාදන හඳුන්වා දීමේ ක්‍රියාකාරකම් 700ක් පමණ පැවැත්වීමට නියමිතය. එළිදැක්වෙන නව නිෂ්පාදනවල මුළු සංඛ්‍යාව ද මෙවර 15%ක වැඩිවීමක් පෙන්නුම් කිරීම කැපී පෙනෙන්නකි.
