චීන කෘත්‍රිම බුද්ධි සමාගම් ඇමරිකානු කෘත්‍රිම බුද්ධි ආකෘතිවල හැකියාවන් ලබාගැනීමට කාර්මික පරිමාණයෙන් කෘත්‍රිම බුද්ධි ආකෘති අතර දැනුම හුවමාරු කරගැනීමේ තාක්ෂණික ක්‍රියාවලිය (distillation) සිදුකරන බවට ඇමරිකාව සිදු කළ ප්‍රකාශ සම්බන්ධයෙන් චීන වාණිජ අමාත්‍යාංශය දැඩි විරෝධය පළ කර තිබේ. එම චෝදනා පදනම් විරහිත සහ නීතිමය පදනමකින් තොර බව චීන වාණිජ අමාත්‍යාංශය පවසයි.
චීන වාණිජ අමාත්‍යාංශ ප්‍රකාශකයෙකු පැවසුවේ කෘත්‍රිම බුද්ධි ක්ෂේත්රයේ සාමාන්‍ය තාක්ෂණික හා වාණිජ කටයුත්තක් වන, කෘත්‍රිම බුද්ධි ආකෘති අතර දැනුම හුවමාරු කරගැනීමේ තාක්ෂණික ක්‍රියාවලිය දේශපාලනීකරණය කිරීමට ඇමරිකාව උත්සාහ කරන බවය. කෘත්‍රිම බුද්ධි ක්ෂේත්රයේ තාක්ෂණික ආධිපත්‍යය පවත්වා ගැනීමට මෙන්ම තරගකාරීත්වය මර්දනය කිරීමට ඇමරිකාව උත්සාහ දරන බව ද ඔහු සඳහන් කළේය.
Distillation යනු කෘත්‍රිම බුද්ධි ආකෘති අතර අන්‍යෝන්‍ය ඉගෙනීම සඳහා භාවිත වන පොදු ක්රමවේදයකි. එය මූලික වශයෙන් මධ්‍යස්ථ තාක්ෂණික ක්‍රමයක් වන අතර ඇමරිකානු සමාගම් ඇතුළු ලොව පුරා කෘත්‍රිම බුද්ධි ආකෘති සංවර්ධනය කරන සමාගම් එය භාවිත කරයි.
චීනයේ විවෘත මූලාශ්‍ර කෘත්‍රිම බුද්ධි ආකෘති (open-source AI models) ඇමරිකානු සමාගම් ඇතුළු ලොව පුරා ව්‍යාපාර සඳහා විවෘතව පවතින බව ද චීන වාණිජ අමාත්‍යාංශය සඳහන් කළේය. ඇතැම් ඇමරිකානු සමාගම් චීන කෘත්‍රිම බුද්ධි ආකෘති විශාල සංඛ්‍යාවක් distillation ක්‍රියාවලියට භාවිත කර ඇති බව ද ප්‍රකාශකයා පැවසීය. මෙමගින් ඇමරිකාවේ ද්විත්ව ප්රමිතීන් පිළිබිඹු කරන බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කර ඇත.
මෙම වසරේ ඇමරිකාව, චීන සමාගම්වල distillation ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සම්බාධක පැනවීම සහ සීමා කිරීම් නිරන්තරයෙන් සිදු කර ඇති බව චීනය පෙන්වා දෙයි. චීනය පෙන්වා දෙන පරිදි, එහි අරමුණ දත්ත සම්බන්ධයෙන් ඇමරිකානු ඒකාධිකාරය පවත්වා ගැනීමත්, අනෙකුත් රටවලට කෘත්‍රිම බුද්ධි නවෝත්පාදනවල ප්රතිලාභ පුළුල් ලෙස බෙදාගැනීම වැළැක්වීමත්ය.
චීනය සමානාත්මතාව, අන්‍යෝන්‍ය ප්රතිලාභ සහ දෙපාර්ශ්වයටම ජයග්‍රහණ ගෙන දෙන සහයෝගීතාවය යන මූලධර්ම මත ඇමරිකාව සමග සාකච්ඡා පැවැත්වීමට සූදානම් බව ද ඔහු පැවසීය. කෙසේ වෙතත්, චීන AI සමාගම් මර්දනය කිරීමට ඇමරිකාව ක්‍රියාමාර්ග ගතහොත්, චීනය ඊට දැඩි ප්‍රතිචාර දක්වනු ඇති බවට චීන වාණිජ අමාත්‍යාංශය අනතුරු අඟවා තිබේ.
