සාධාරණ හා යුක්ති සහගත ගෝලීය කෘත්‍රිම බුද්ධි කළමනාකරණ පද්ධතියක් ගොඩනැගීමට ජනපතිගෙන් යෝජනා

සාධාරණ හා යුක්ති සහගත ගෝලීය කෘත්‍රිම බුද්ධි කළමනාකරණ පද්ධතියක් ගොඩනැගීමට ජනපතිගෙන් යෝජනා

2026 ලෝක කෘත්‍රිම බුද්ධි සමුළුව සහ ගෝලීය කෘත්‍රිම බුද්ධි කළමනාකරණය පිළිබඳ උසස් පෙළේ රැස්වීම ඊයේ(17) ශැංහයිහිදී ඇරඹේ. චීන ජනාධිපති ෂී ජින්පිං මහතා එහි සමාරම්භක උළෙලට එක් වෙමින් ප්‍රධාන දේශනය සිදු කළේය. ‘සාධාරණ හා යුක්ති සහගත ගෝලීය කෘත්‍රිම බුද්ධි කළමනාකරණ පද්ධතියක් එක්ව ගොඩනැගීම’ යන්න එහි තේමාවය.

ජනතාව කේන්ද්‍ර කර ගත්, ත්‍යාගශීලී සහ හිතකර සංකල්පයකට අනුගත වීම චීනයේ ස්ථාවරය බව ෂී ජින්පිං මහතා එහිදී ප්‍රකාශ කළේය. කෘත්‍රිම බුද්ධි තාක්ෂණය, පොදු සමෘද්ධිය ප්‍රවර්ධනය කරමින් පොදු ආරක්ෂාව තහවුරු කිරීමේ වැදගත් ගාමක බලවේගයක් බවට පත් කිරීමට උත්සාහ කළ යුතු බව ද ඔහු පැවසීය.

හෙතෙම එහිදී සිව්වැදෑරුම් යෝජනා ඉදිරිපත් කර ඇත.

පළමුව, විවෘතභාවය හා පොදු ජයග්‍රහණයෙහි එල්බ සිටිමින් නවෝත්පාදන සංවර්ධනය ඉදිරියට ගෙන යා යුතුය.

දෙවනුව අවදානම් පිළිබඳ අවබෝධය ශක්තිමත් කරමින් සුරක්ෂිතතාව හා පාලනය කිරීමේ හැකියාව සහතික කළ යුතුය.

තෙවනුව අන්තර්කරණය හා ශිෂ්ටාචාර අතර අධ්‍යයනය දිරිමත් කළ යුතුය.

සිව්වනුව, දුෂ්කරතාවන්ට එක්ව මුහුණ දෙමින් ගෝලීය කළමනාකරණය සාධනීය ප්‍ර‍වේශයකට යොමු කළ යුතුය.

නිසි වගකීමකින් යුක්ත දැවැන්ත රටක් වශයෙන් චීනය, කෘත්‍රිම බුද්ධි තාක්ෂණ ක්ෂේත්‍රයේදී පොදු නිෂ්පාදන සැපයුම්කරුවෙකු ලෙසත්, ඵලදායී විසඳුම් ඉදිරිපත් කරන්නෙකු ලෙසත් කටයුතු කරන බව ද ෂී ජින්පිං ජනාධිපතිවරයා සඳහන් කළේය.

ඔහු ගෝලීය කෘත්‍රිම බුද්ධි සංවර්ධනයට සහාය වීම පිළිබඳ චීනයේ ප්‍රධාන පියවර ප්‍රකාශයට පත් කළේය.

ඒ අනුව, අනාගත වසර 5 තුළ, සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා, කෘත්‍රිම බුද්ධි තාක්ෂණය පිළිබඳ පුහුණු අවස්ථා 5000ක‍‍් ලබා දීමට තීරණය කර තිබේ.

ආසියාන් සංගමය, අරාබි සංගමය, අප්‍රිකානු සංගමය, ලතින් ඇමරිකානු සහ කැරිබියානු රාජ්‍ය ප්‍රජාව, ශංහයි සහයෝගිතා සංවිධානය සහ බ්‍රික්ස් සංවිධානයට අයත් රටවල් ආවරණය වන පරිදි ජාත්‍යන්තර කෘත්‍රිම බුද්ධි තාක්ෂණ භාවිත සහයෝගිතා මධ්‍යස්ථානය ගොඩනැගීමට ද අපේක්ෂා කෙරේ. එමෙන්ම, චීනය නිකුත් කළ කාලගුණික තත්ත්වය පිළිබඳ අනතුරු ඇඟවීමේ බුද්ධිමය පූර්ව සැලැස්ම වන MAZU සැලැස්ම රටවල් 30ක් වෙනුවෙන් ක්‍රියාවට නැංවීමෙන් එම රටවල ජනතාවගේ ජීවිත ආරක්ෂාව තහුවරු කිරීම සඳහා සහාය වීමට බලාපොරොත්තු වන බව ද චීන ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේය.

කසක්ථාන ජනාධිපති Kassym-Jomart Tokayev, කාම්බෝජ අගමැති Hun Manet, තායිලන්ත අගමැති Anutin Charnvirakul, එක්සත් ජාතීන්ගේ මහලේකම්  António Guterres යන මහත්වරු එම අවස්ථාවට එක් වෙමින් දේශන සිදු කළහ. ඔවුහු ගෝලීය කෘත්‍රිම බුද්ධි කළමනාකරණය සඳහා චීනය සිදු කරන දායකත්වය අගයමින්, ෂී ජින්පිං ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනා හා පියවරයන්ට සක්‍රිය ප්‍රතිචාර දැක්වූහ.

අනතුරුව ‘2026 ලෝක කෘත්‍රිම බුද්ධි සමුළුව සහ ගෝලීය කෘත්‍රිම බුද්ධි කළමනාකරණය පිළිබඳ උසස් පෙළේ රැස්වීමේ සභාපතිවරයාගේ ප්‍රකාශය’ නිකුත් කරනු ලැබීය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *