යුරෝපා සංගමය කාර්මික ත්වරණ පනතේ අසාධාරණ කොටස් ඉවත් නොකළහොත් චීනයේ ප්‍රති පියවර අනිවාර්යයි

යුරෝපා සංගමය කාර්මික ත්වරණ පනතේ අසාධාරණ කොටස් ඉවත් නොකළහොත් චීනයේ ප්‍රති පියවර අනිවාර්යයි

යුරෝපා සංගමයේ කාර්මික ත්වරණ පනත සම්බන්ධයෙන් චීනයේ ස්ථාවරය පැහැදිලි කෙරේ.

පසුගිය 24 වැනිදා චීන වාණිජ අමාත්‍යාංශය එම පනත පිළිබඳ උපදෙස් යුරෝපා කොමිසමට නිල වශයෙන් ඉදිරිපත් කළ බව චීන වාණිජ අමාත්‍යාංශ ප්‍රකාශකයා මාධ්‍ය හමුවකදී පෙන්වා දුන්නේය.

විදේශ ආයෝජන බැටරි, විදුලි වාහන, ප්‍රකාශ වෝල්ටීයතා සහ ප්‍රධාන අමුද්‍රව්‍ය සඳහා එම පනතෙන් ඉහළ සීමා පැනවීමක් සිදුවන බවත් එය බරපතල ආයෝජන බාධක සහ පද්ධතිමය වෙනස්කම් කිරීමක් බවත් චීනයේ විශ්වාසය යැයි ඔහු පැවසීය.

විදේශ ආයෝජකයින්ට එරෙහිව වෙනස් කොට සැලකීම, බුද්ධිමය දේපළ අයිතිවාසිකම් සහ තාක්ෂණය අනිවාර්යයෙන් පැවරීම ඇතුළු විධිවිධාන එම පනනෙන් ඉවත් කරන ලෙස චීනය ඉදිරිපත් කළ උපදෙස් මගින් පැහැදිලි කර ඇත.

චීනයේ උපදෙස් නොසලකා හැරියහොත්, චීනය ව්‍යවසායන්හි නීත්‍යනුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ප්‍රති-පියවර ගනු ඇති බවද ඔහු අවධාරණය කළේය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *