මොංගෝලියානු ජනපති හා චීන විදේශ අමාත්‍යවරයා අතර හමුවක්

මොංගෝලියානු ජනපති හා චීන විදේශ අමාත්‍යවරයා අතර හමුවක්

මොංගෝලියානු ජනාධිපති Ukhnaa Khurelsukh මහතා ඊයේ (13) උලාන් බැටොර් හිදී චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, විදේශ ඇමති Wang Yi මහතා හමුවිය.

මොංගෝලියා-චීන සබඳතා රටවල් අතර සබඳතාවන්හි ආදර්ශනයක් බවට පත් වූ බව Ukhnaa Khurelsukh මහතා පැවසීය. චීනයේ ස්ථාවරය හා කේන්ද්‍රීය අවශ්‍යතාවන්ට ගරු කරන මොංගෝලියාව එකම චීනය මූලධර්මය දැඩි ලෙස අනුගමනය කරන බවත් තායිවානය චීනයෙන් වෙන් කළ නොහැකි කොටසක් බවත් හෙතෙම අවධාරණය කළේය. ඕනෑම ආකාරයේ ‘තායිවාන ස්වාධීනත්වය’ට අදාළ ක්‍රියාවන්ට මොංගෝලියාව සහාය නොදෙනු ඇතැයි ද හෙතෙම  පැවසීය. ඊට අමතරව, චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඉදිරිපත් කළ වැදගත් ගෝලීය මුලපිරුම් හතරට සක්‍රිය ලෙස අනුබල දුන් මොංගෝලියාව චීනය සමග එක්ව ජාත්‍යන්තර හා දෙරට සහයෝගිතා තහවුරු කිරීමට මෙන්ම පොදුවේ ක්‍රියාත්මක කිරීමට කැමැත්තෙන් සිටින බවද Ukhnaa Khurelsukh මහතා පවසා ඇත. 

චීනය මොංගෝලියාව සමග පවතින ප්‍රතිපත්තිය ස්ථාවර මෙන්ම තිරසර බව චීන විදේශ අමාත්‍ය වං යී මහතා පැවසීය. චීනය සැම විටම චීන-මොංගෝලියානු සබඳතා වර්ධනයට තම අසල්වැසි රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල දී ප්‍රමුඛත්වය ලබා දෙයි. චීනය මොංගෝලියාවේ ස්වාධීනත්වය හා භෞමික අඛණ්ඩතාවයට මෙන්ම මොංගෝලියාව ස්වාධීනව තෝරා ගත් සංවර්ධන මාර්ගයට ගරු කරන බවද හෙතෙම සඳහන් කළේය. චීන-රුසියා-මොංගෝලියානු සහයෝගීතාව සහ ශැංහයි සහයෝගිතා සංවිධානය යන බහුපාර්ශ්වික වේදිකාවල මොංගෝලියාව සමඟ සහයෝගීතාවය මෙන්ම සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමට චීනය කැමැත්තෙන් සිටී. එමෙන්ම වඩාත් සාධාරණ හා යුක්ති සහගත ගෝලීය පාලන පද්ධතියක් ගොඩනැගීම සඳහා ගෝලීය දකුණ රටවල් සමඟ එක්ව කටයුතු කිරීමට චීනය සූදානම් බවද චීන විදේශ අමාත්‍ය වං යී මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *