බාධා රහිත ප්‍රවේශයකින් පහසුකම් සංවර්ධනය සඳහා චීනයෙන් යෝජනා

බාධා රහිත ප්‍රවේශයකින් පහසුකම් සංවර්ධනය සඳහා චීනයෙන් යෝජනා

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 62 වන සැසිවාරය (2) ස්විට්සර්ලන්තයේ ජිනීවාහිදී තාක්ෂණික සහාය පිළිබඳ සමුළුවක් පැවැත්වීය. ජිනීවා හි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ සහ ස්විට්සර්ලන්තයේ සෙසු ජාත්‍යන්තර සංවිධානවල චීනයේ ස්ථාවර නියෝජිත Jia Guide මහතා එහිදී රටවල් 65ක් වෙනුවෙන් ඒකාබද්ධ ප්‍රකාශයක් ඉදිරිපත් කළේය.

 “සැමට බාධාවකින් තොරව සංවර්ධන ප්‍රවේශය භුක්ති විඳීම” පිළිබඳ යෝජනාව ක්‍රියාත්මක කිරීමේදී බාධා රහිත පහසුකම් සංවර්ධනයට කෘත්‍රිම බුද්ධියේ විභවය උපයෝගී කර ගන්නා ලෙස ඔහු එහිදී සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියේය.

ඔහුගේ ඒකාබද්ධ ප්‍රකාශයේදී යෝජනා හතරක් ඉදිරිපත් කෙරිණ. පළමුව, කෘත්‍රිම බුද්ධිය මගින් බාධා රහිත පහසුකම් සංවර්ධනය ප්‍රවර්ධනය කරමින් උසස් තත්ත්වයේ සංවර්ධනයට ශක්තිය එකතු කිරීමය. දෙවනුව කෘත්‍රිම බුද්ධියෙන් ක්‍රියාත්මක බාධා රහිත පහසුකම් සංවර්ධනයේදී ජනතාව කේන්ද්‍ර කර ගත යුතු වන අතර, දුර්වල තත්ත්වයන්හි පසු වන කණ්ඩායම් සමාජ ජීවිතයට යොමු කිරීම ප්‍රවර්ධනය කිරීමය. තෙවනුව, විවිධ කණ්ඩායම් සහ රටවල් සඳහා බාධා රහිත පරිසරයන්ට සමාන ප්‍රවේශයක් සහතික කිරීමය. සිව්වනුව, ඩිජිටල් පරතරය පියවා සංවර්ධන අසමතුලිතතා විසඳීමට උත්සාහ කිරීම බව Jia Guide මහතා එහිදී සඳහන් කළේය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *