ටික්ටොක් සමාගම අමෙරිකාවට ඩොලර් මිලියන 400ක් ගෙවයි

ටික්ටොක් සමාගම අමෙරිකාවට ඩොලර් මිලියන 400ක් ගෙවයි

බාලවයස්කාර දරුවන්ගේ පෞද්ගලිකත්වය උල්ලංඝනය කළ බවට එල්ල වූ චෝදනාව සමථයකට පත් කිරීම සඳහා අමෙරිකාවට ඩොලර් මිලියන 400ක් ගෙවීමට ටික්ටොක් සමාගම එකඟතාව පළ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එය සමාජ මාධ්‍ය සම්බන්ධව සිදුවූ විශාලතම වන්දි ගෙවීමක් බව ද වාර්තා වේ. ටික්ටොක් සමාගම මේ එකඟතාව පළ කර ඇත්තේ එම චෝදනාව යටතේම ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාලා රැසක් සම්බන්ධව මෙටා සමාගමට එරෙහිව නඩු විභාගයක් පැවැත්වෙමින් තිබියදී බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත .

වසර 2024 දී ටික්ටොක් සමාගමට එරෙහිව එම නඩුව ගොනු කර ඇති අතර, පසුගිය වසරේදී එම සමාගමේ අමෙරිකානු මෙහෙයුම් එරට සමාගම් වෙත අලෙවි කිරිමට පියවර ගැනීම හේතුවෙන් අදාළ වන්දි ගෙවීම සිදුවන්නේ චීනයෙන් ක්‍රියාත්මක වන ටික්ටොක් මෙහෙයුම් සඳහා පමණක් බව ද වාර්තා වේ.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *