ඇමරිකාවේ මේරිලන්ඩ් ප්‍රාන්තයේ ස්පැරෝස් පොයින්ට් ප්‍රදේශයේ නව නැව් තටාකාංගනයක් ආරම්භ කිරීමට ඇමරිකානු ඩොලර් බිලියන 6.6ක ආයෝජනයක් සිදු කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවසයි. ඊයේ(6) එම ප්‍රදේශයේදී අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. මෙම නැව් තටාකාංගනයේදී සබ්මැරීන, සබ්මැරීන සඳහා අවශ්‍ය අමතර කොටස් සහ මිනිසුන් රහිත දිය යට වාහන නිෂ්පාදනය කෙරෙනු ඇතැයි ඔහු පැවසීය.
ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව එදින නිකුත් කළ නිවේදනයකට අනුව, මෙම නැව් තටාකාංගනය ඇමරිකාවේ එවැනි ආකාරයේ විශාලතම කම්හල බවට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙය ඉදිකර ක්‍රියාත්මක කරනු ලබන්නේ ඇමරිකානු හමුදා කාර්මික සමාගමක් වන Anduril Industries විසිනි. මෙම ව්‍යාපෘතිය සඳහා Anduril Industries ඩොලර් බිලියන 3.7ක් සහ ඇමරිකානු නාවික හමුදාව ඩොලර් බිලියන 2.9ක් ආයෝජනය කිරීමට නියමිත බව වාර්තා වේ.
