චීන තායිවාන ප්‍රදේශයේ විවිධ පක්ෂ හා කණ්ඩායම් අදාළ සැමරුම් උත්සව පැවැත්වීම පැසසුමට

චීන තායිවාන ප්‍රදේශයේ විවිධ පක්ෂ හා කණ්ඩායම් අදාළ සැමරුම් උත්සව පැවැත්වීම පැසසුමට

ඉකුත් 25වන දිනට, චීන තායිවාන ප්‍රදේශය මව්රට සමග යළි එක්වීමේ 81වන සංවත්සරය යෙදී ඇති අතර, එම දිනයට චීනය තායිවාන ප්‍රදේශය මව්රට සමග යළි එක් වීමේ දිනය ලෙස නම් කිරීමේ පළමුවැනි සංවත්සරය ද යෙදී ඇත. ඒ නිමිත්තෙන්, තායිවාන ප්‍රදේශයේ විවිධ පක්ෂ හා සමාජීය කණ්ඩායම් දේශප්‍රේමී ක්‍රියාකාරකම් රැසක් පැවැත්වීම පිළිබඳව චීන ‍රාජ්‍ය මණ්ඩලයේ තායිවාන කටයුතු පිළිබඳ කාර්යාලයේ පැසසුමට ලක් විය. මෙමගින්, තායිවාන ජනතාවගේ සැබෑ හැඟීම් ප්‍රකාශ කෙරිණ.

අද(28) චීන ‍රාජ්‍ය මණ්ඩලයේ තායිවාන කටයුතු පිළිබඳ කාර්යාලය පැවැත්වූ නිත්‍ය මාධ්‍ය හමුවේදී විමසූ අදාළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් එහි ප්‍රකාශක Chen Binhua මහතා ඒ බව සඳහන් කළේය.

තායිවාන ප්‍රදේශයේ එවැනි පක්ෂ හා කණ්ඩායම් 30කට වැඩි පිරිසක් විවිධ ආකාරවලින් සැමරුම් ක්‍රියාකාරකම් පැවැත්වීමෙන්, තම ප්‍රදේශය මව්රට සමග යළි එක්වීමේ ඉතිහාසය සිහිපත් කරමින්, ජපානයේ යටත්විජිතවාදී ක්‍රියාවන් හෙළා දැකීම සිදු කළහ. තායිවාන ප්‍රදේශයේ ඊනියා පාලක පක්ෂය වන ‘ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතශීලී පක්ෂයේ’ බෙදුම්වාදී ක්‍රියාවන්ට  විරුද්ධ වෙමින් ඇමරිකාව, ජපානය ඇතුළු බාහිර බලවේග තායිවාන ගැටලුවට මැදිහත් වීම සම්බන්ධයෙන් ද එම පිරිස විරෝධතා පළ කළහ.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *