අංගසම්පූර්ණ මෙන්ම දැඩි විනයකට යටත්ව පක්ෂ පාලනය අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට අදාළ ප්‍රධාන කරුණු රැසක් පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ තීරණය’ පක්ෂ මධ්‍යම කාරක සභාවේ නායකත්වය යටතේ කෙටුම්පත් කිරීම සිදු කෙරේ.
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රතිපත්ති අධ්‍යයන කාර්යාලයේ අධ්‍යක්ෂ Tang Fangyu මහතා අද(30) පැවති එම සැසිය පිළිබඳව මාධ්‍ය හමුවේදී මේ බව පැවසීය.
Tang Fangyu මහතා පැවසූ පරිදි, මධ්‍යම කාරක සභාවේ මහලේකම් ෂී ජින්පිං මහතා කෙටුම්පත් කණ්ඩායමේ ප්‍රධානියා ලෙස කටයුතු කළේය. ඔහු සමස්ත ක්‍රියාවලිය සැලසුම් කොට එහි මග පෙන්වීම සහතික කර තිබේ. ෂී ජින්පිං මහතාගේ ප්‍රධානත්වයෙන් අදාළ යෝජනා හා අදහස් ලබා ගැනීම සඳහා සාකච්ඡා දෙකක්, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර කමිටු රැස්වීම් තුනක් සහ වාර්තාවන්ට සවන් දීමට දේශපාලන කාර්යාංශයේ රැස්වීම් දෙකක් පැවැත්විණ. ෂී ජින්පිං මහතා එහි ප්‍රධාන කරුණු පිළිබඳ අධ්‍යයනය මෙහෙයවමින් ලේඛනය කෙටුම්පත් කිරීමේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළේය.
ලේඛනය කෙටුම්පත් කිරීමේ දී ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියට පුළුල් ඉඩක් ලබා දෙමින් පොදු එකඟතාවන් ගොඩනැගීමටත්, සමස්ත පක්ෂයේ සාමූහික දැනුම හා අදහස් ඒකරාශී කිරීමටත් පියවර ගෙන තිබේ.
මෙම වසරේ ජනවාරි 31 වන දින, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව, පූර්ණ සැසියේ මාතෘකා පිළිබඳව විවිධ ප්‍රදේශ සහ දෙපාර්තමේන්තු වලින් අදහස් එක්රැස් කිරීම සඳහා නිවේදනයක් නිකුත් කළේය. ඒ සමඟම, ප්‍රධාන මාතෘකා 23ක් පිළිබඳ අධ්‍යයන කටයුතු ආයතන 16කට පැවරීය.
අගෝස්තු 3 වන දින, “තීරණයේ” යෝජිත කෙටුම්පත විවිධ ප්‍රදේශ, දෙපාර්තමේන්තු සහ අංශ වෙත අදහස් දැක්වීම සඳහා බෙදා හැරිණ. සංශෝධනය සඳහා යෝජනා 1173ක් ලැබුණු අතර, ඉන් 208ක් සමාලෝචනයෙන් පසු සම්මත කෙරිණ. මෙවර සැසිය අතරතුර, සහභාගිවන්නන් තීරණ කෙටුම්පත සංශෝධනය කිරීම සඳහා යෝජනා 100ක් ඉදිරිපත් කළ අතර, ඉන් 13 ක් සමාලෝචනයෙන් පසුව සම්මත කෙරිණ. මෙම තීරණයෙන් සමස්ත පක්ෂයේම පොදු කැමැත්ත සහ මුළු රටේම ජනතාවගේ පොදු අපේක්ෂාවන් සම්පූර්ණයෙන්ම පිළිබිඹු කෙරේ.
