තායිවාන ගැටලුව චීන-ඇමරිකානු සබඳතාවන්හිදී අවධානය යොමු කළ යුතු වැදගත්ම ගැටලුව බව චීන රාජ්‍ය මණ්ඩලයේ තායිවාන කටයුතු පිළිබඳ කාර්යාලයේ ප්‍රකාශිකා Zhang Han මහත්මිය ප්‍රකාශ කළාය.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සමග පැවති සාකච්ඡා අතරතුර, චීන ජනාධිපති ෂී ජින්පිං මහතා තායිවාන ගැටලුව සම්බන්ධයෙන් චීනයේ ප්‍රතිපත්තිමය ස්ථාවරය පැහැදිලි කළ අතර,ඒ පිළිබඳව තායිවාන සමුද්‍ර සන්ධිය දෙපස ජනතාවගේ දැඩි අවධානය යොමුව ඇත. අද(30) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී වාර්තාකරුවෙකු මේ සම්බන්ධයෙන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් Zhang Han මහත්මිය ඒ බව පැවසුවාය.
“තායිවාන බෙදුම්වාදය” යන්න තායිවාන සමුද්‍ර සන්ධියේ සාමය සහ ස්ථාවරත්වය සමග මූලික වශයෙන්ම නොගැළපෙන්නක් බව ඇය එහිදී පෙන්වා දුන්නාය. තායිවාන සමුද්‍ර සන්ධියේ සාමය සහ ස්ථාවරත්වය පවත්වාගෙන යාම චීනය සහ ඇමරිකාව අතර පවතින ප්‍රධානතම පොදු එකඟතාව වන අතර,එම රටවල් දෙක අතර සංවර්ධනාත්මක උපායමාර්ගික සබඳතාව සඳහා අත්‍යවශ්‍ය අංගයක් ද වේ. එකම චීනය යන ප්‍රතිපත්තියට සහ චීන – ඇමරිකානු ඒකාබද්ධ නිල නිවේදන තුනට ඇමරිකාව දැඩි ලෙස අනුගත වනු ඇතැයි ද,”තායිවාන බෙදුම්වාදයට” විරුද්ධ වීමේ නිවැරදි ස්ථාවරය තහවුරු කරනු ඇතැයි ද චීනය බලාපොරොත්තු වන බව ඇය මෙහිදී අවධාරණය කළාය. එමෙන්ම, ඇමරිකාව තායිවාන ගැටලුව සම්බන්ධයෙන් අතිශය ප්‍රවේශමෙන් කටයුතු කළ යුතු බවත්,”තායිවාන බෙදුම්වාදීන්” වෙත වැරදි සංඥා යැවීමෙන් වැළකී සිටිය යුතු බවත් සඳහන් කළ ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළේ, ප්‍රායෝගික ක්‍රියාමාර්ග මගින් චීන-ඇමරිකානු සංවර්ධනාත්මක උපායමාර්ගික සම්බන්ධතාව ආරක්ෂා කළ යුතු බවයි.
