චීන නවීකරණය ඉදිරියට ගෙනය යාම සඳහා ශක්තිමත් සහයෝගයක් ලබා දීම පිණිස උසස් නිෂ්පාදන අංශය පුළුල් කිරීමට සහ ශක්තිමත් කිරීමට අඛණ්ඩ උත්සාහයන් ගන්නා ලෙස චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඉල්ලා සිටියි.
චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම් සහ මධ්‍යම හමුදා කොමිසමේ සභාපතිවරයා ද වන ෂී ජින්පිං මහතා පවසන්නේ, චීන කොමියුනිස්ට් පක්ෂයේ 18 වන ජාතික සම්මේලනයෙන් පසු, චීනයේ අධි නවීන නිෂ්පාදන අංශය පෙන්නුම් කරන ලද නවෝත්පාදන මට්ටම, තරගකාරීත්වය හා විස්තීරණ ශක්‍යතාවන් සැලකිය යුතු අයුරින් වර්ධනය වී ඇති බවයි.
එමෙන්ම නව ඇරඹුමේදී නව සංවර්ධන සංකල්පයට දැඩි ලෙස අනුගත වෙමින් ඉහළ මට්ටමේ සංවර්ධනය හා සුරක්ෂිතතාව සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් දැක්විය යුතු බවත් හෙතෙම පෙන්වා දී තිබේ. බුද්ධිමයකරණය හා පරිසර හිතකාමී බව ද සමගින් කාර්මික දාමයේ ස්වයං සැපයීමේ මට්ටම ඉහළ නංවා, උසස් නිෂ්පාදන අංශය කේන්ද්‍ර කරගත්, නවීකරණයෙන් යුත් කාර්මික පද්ධතීන් සංවර්ධනය වේගවත් කළ යුතු බවට ද ෂී ජින්පිං මහතා උපදෙස් දී ඇත.
ඊයේ(16) සහ අද(17) යන දෙදින තුළ බෙයිජිංහිදී, මාර්ගගත ලෙස පැවති ජාතික උසස් නිෂ්පාදන සමුළුවේදී ෂී ජින්පිං ජනාධිපතිවරයාගේ මෙම උපදෙස් ප්‍රකාශයට පත් කෙරිණ. චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා සමුළුව ඇමතීමට එක්ව සිටි අතර, ඔහු එහිදී අවධාරණය කර සිටියේ, ෂී ජින්පිං ජනාධිපතිවරයාගේ උපදෙස් අනුගමනය කරමින් උසස් නිෂ්පාදන කර්මාන්තයට උපායමාර්ගික වශයෙන් ප්රමුඛත්වයක් ලබා දී ඊට ඇපකැප වෙමින් චීනය, නිෂ්පාදන අංශයෙන් ලොව ප්‍රබල රාජ්‍යයක් ලෙස ගොඩනැගීමට ක්‍රියා කළ යුතු බවයි.
